ද්විත්ව පුරවැසියන්ටත් මැතිසබේට යා හැකි 20 ව්‍යවස්ථා කෙටුම්පත නීතිපතිට

ද්විත්ව පුරවැසිභාවය ලැබූ පුද්ගලයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකිවනසේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දී පනවා තිබූ වගන්තිය ඉවත් කිරීම ඇතුළු සංශෝධන ගණනාවක් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධන කෙටුම්පත අද (31) නීතිපතිට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.

අනතුරුව බදාදා (02) රැස්වන කැබිනට් මණ්ඩල රැස්වීමට එය ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ මාසය තුළම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට රජය අදහස් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.
මෙම සංශෝධනයේ දී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වූ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වලක්වා එක් කළ වගන්තිය ඉවත් කිරීමට කටයුතු කර තිබීම විශේෂත්වයකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම උප අගමැති හෝ උප ජනාධිපති තනතුරක් ඇති කිරීමට කර තිබූ යෝජනාව මෙහිදී සලකා බලා නැතැයි පැවසේ. හිටපු ජනාධිපිති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයේ දී මෙම තනතුර නිර්මාණය කර දෙන බවට අදහසක් පසුගිය වකවානුව තුළ පැතිරී තිබිණි.


Exit mobile version