දළදා වන්දනාව සඳහා සහභාගීවන අති විශාල ජන සන්නිපාතයට අවශ්‍ය ආහාර සැපයීම දන්සල්වලින් පමණක් සිදුකළ නොහැකි මට්ටමක් ඇතිවනබවට සිදුවන තක්සේරු කිරීම සමග උසස් ප්‍රමිතියෙන් යුතු කෙටි ආහාර වර්ග ඇතුළු කෑම වර්ග දානපතීන්ගේ ආධාර ඇතිව ලබා ගෙන පෝලිම්වල සිටින ජනතාව වෙත ලබාදීමට මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාත් මහනුවර මහ නගර සභාවේ කොමසාරිස්වරයාත් ප්රමුඛව බලධාරීන් කණ්ඩායමක් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කර තිබේ.
එමෙන්ම මේ අහාර බෙදා දීම ඇතුළු පහසුකම් කළමනාකරණයටත් පැමිණෙන ජනතාවට ඇප උපස්ථාන කිරීම සඳහාත් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හැකි උපරිම සේවක මණ්ඩල දළදා දැක්ම අවසන්වන තුරු ගඟවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කරන ලෙස ද දිස්ත්‍රික් ලේකම්වරයා මහනුවර සියලුම පලාත් පාලන ආයතන වෙත උපදෙස් දී ඇත.
මේ අනුව දළදා වන්දනාව අවසන්වනතුරු ඉදිරි සතිය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරනු ඇත්තේ අවම කාර්ය මණ්ඩලයක් පමණක් බව වාර්තා වේ.







