ටිබෙටයේ ආගමික නායක දලයි ලාමාගේ 87 වැනි උපන්දිනයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරකථනය හරහා සුබපැතුම් එක් කර තිබේ. ‘අද උදෑසන දලයිලාමා තුමාගේ උපන්දිනයට සුබ පැතුම් එකතු කළා. ඔහුට දිගු ජීවිතයක් හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් වෙනුවෙන් අපි සුබ පැතුම් එකතු කරනවා..” අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් තබමින් ද පවසා තිබේ.
ඔහුට ලාමාතුමන්ට ලැබෙන දුරකථන ඇමතුම්වල ප්‍රසිද්ධ නිවේදනවලට රාජ්‍ය තාන්ත්‍රික වැදගත්කමක් තිබේ. චීනය දලයි ලාමාතුමන්ව ‘බෙදුම්වාදියෙකු’ ලෙස හඳුන්වන පසුබිමක ඉන්දියාව දෙපාර්ශවයම සමඟින් ‘අන්‍යෝන්‍ය සංවේදීතාවන්, කැමැත්ත හා අවශ්‍යතාවයන් පිළිබඳ ඉන්දියාව සැලකිලිමත් වෙයි.
කෙසේ වෙතත් ඉන්දියා-චීන දේශසීමාවේ, චීන- පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ හා ජම්මු කාශ්මීරයේ තත්ත්වයන් සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන සංවේදීතාවය චීනය නොදක්වන නිසා දෙරට අතර සබඳතා බිඳ වැටී තිබේ. එම සබඳතා යළි ස්ථාවර කර ගැනීම සඳහා පසුගිය මාර්තු මාසයේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ඉන්දියාවේ සංචාරයක නිරත විය. එහෙත් දේශසීමා ගැටළු විසඳෙන තෙක් ද්විපාර්ශවික සබඳතා යළි යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි බව දිල්ලිය ප්‍රකාශ කර තිබේ.