මේ දිනවල කුඩා දරුවන් අතර පැතිර යන අත්, පා, මුඛ වයිරස් රෝගය ( hand foot and mouth disease ) වෛද්‍ය ප්‍රතිකාරයන් නොමැත් බවත් එය ඉබේ සුව වන රෝගයක් බවත් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
අත් පා සහ මුඛය අවට රතු පැහැති බිබිලි හට ගන්නා බැවින් ඇතැම් දරුවන්ට ආහාර ගිලීමේ අපහසු තාවන් සහ උණ හට ගැනීමක්ද දක්නට ලැබෙන බව විශේෂඥවරයා පෙන්වාදේ.
මෙම වයිරස් රෝගය දරුවන් අතර සීග්‍රයෙන් පැතිර යන බැවින් රෝග ලක්ෂණ පවතින දරුවන් පෙර පාසල වෙත හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත නොයවන්නැයි වෛද්‍ය දීපාල් දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අත්,පා ,මුඛ රෝගයටද (Hand Foot Mouth disease) රෝගී තත්තවයට ගොදුරුවූ දරුවන් බහුතරයකගේම නියපොතු හැළී යාමේ අවදානමක් පවතී. වෛද්‍ය උපදෙස් මත සින්ක් අඩංගු සිරප් වර්ගයක් ලබා දීම උචිත බවත් ඊට අමතරව සින්ක් අඩංගු ආහාර පානද ලබා දීමට හැකි බවත් වෛද්‍ය දීපාල් කියයි . විශේෂයෙන් පැළවී එන මුං ඇටවල සින්ක් අඩංගු වන නිසා එබඳු ආහාරද රෝගියාට විටින් විට ලබා දීම සුදුසු වේ.
දරුවන්ගේ ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සේම මෙවන් කාලයකදී පෙනහලු යුවළද සෞඛ්‍ය සම්පන්නව පවත්වා ගැනීමෙන් ලෙඩ රෝග ගණනාවකින්ම ඈත්වී හිඳීමට මහෝපකාරී වනු ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.