දරුවන් පෙන්වමින් හිඟා කන නුවර ගෑණු පොලිසියෙන් අල්ලයි!

මත්කුඩු ජාවාරමේ නියැලෙන බවට සැක මත බිළිඳකු පෙන්වමින් බිළිඳාට බෙහෙත් සඳහා මුදල් අවශ්‍යයි සිඟමන් යදින කාන්තාවක මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඊයේ (24 ) සවස අත්අඩංගුවට ගෙන තිබිණි.

මහනුවර නගරයේ සෑම වීදියක ම පාහේ සිඟමන් යදින මෙම කාන්තාව ජුහී යන අනුවර්ත නාමයෙන් නම් කර ඇති අතර ය වයස අවුරුදු 24 ක් වන සන්ධ්‍යා කුමාරි බවට අධිකරණයේදී කරුණු හෙළි විය.

ඇය මත් කුඩු භාවිත කරමින් බිලිඳාට මව් කිරි ලබා දෙන්නේද යන පරීක්ෂණය සිදු කිරීම සඳහා රුධිර සාම්පල ලබා ගනිමින් අධිකරණ වෛද්‍ය නිලධාරියාට ලබාදීමට කැමැත්ත ඉල්ලූ අවස්ථාවේ දී අදාළ කාන්තාව ඊට අකමැත්ත ප්‍රකාශ කොට තිබිණි.


එහෙත් වයස මාස තුනහමාරක් වන බිලිඳාගේ රුධිර සාම්පල ලබා ගනිමින් ඉදිරියට පරික්ෂණ සිදුකරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කොට ඇත.

අදාළ සැකකාර කාන්තාව පෙබරවාරි 14 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් බිලිඳා උඩපේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට භාර දෙන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.

මහනුවර නගරයේ බිලින්ඳු පෙන්වමින් සිඟමන් යදින කාන්තාවන් පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස මහනුවර ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක   විසින් දෙන ලද උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබිණි.

සහකාර පොලිස් අධිකාරී ජානකීගේ  මෙහෙයවීමෙන් කාන්තා කාර්යංශයේ නිලධාරීන් විසින් අදාළ මෙහෙයුම සිදු කොට තිබිණි.

කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නීතිය අනුකම්පාවෙන් වසාගෙන දරුපැටවු යොදාගෙන හිඟාකන නුවර ගෑණු!

Exit mobile version