දරුවන්ගේ දිවා ආහාර ව්‍යාපෘතියට ගෙන්වා තිබූ සහල් මිනිස් පරිභෝජනයට සුදුසු නෑ… රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වෙයි…

Rice

ලෝක ආහාර සංවිධානය මගින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ගේ දිවා ආහාර ව්‍යාපෘතිය වෙනුවෙන් ගෙනැවිත් වේයන්ගොඩ රජයේ ගබඩාවේ තැන්පත් කර තිබූ සහල් තොගය මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බව රජයේ රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී ඇතැයි  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ සහල් සම්බන්ධව නිරන්තරව ලැබෙන  පැමිණිලි හේතුවෙන් සහල්වල තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ උපදෙස් මත  වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහල් තොගයේ සාම්පල දහසකට අධික ප්‍රමාණයක් රැගෙන රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.

දින දෙකකට පෙර වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලැබී තිබුණ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවට අනුව    සාම්පලවලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් කෘමි හානියට ලක් වී ඇති බවත් එම සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමක ඇති බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇතැයි උපුල් රෝහණ හෙළි කළේය.


 

Exit mobile version