අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරුපැටවු රෝගීන් නොකර “ඔන් ලයින්“ උගන්නමු ….

by editor
ජූනි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ – ජාතික රෝහල, මහනුවර –

වර්තමාන කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු ලෝකයේ මෙන්ම අප රටේ ද ජන ජීවිතය බෙහෙවින් අඩාල වෙලා තියෙනවා තියෙනවා. මෙම වසංගතය තව වසර කිහිපයක් යනතුරු පවතින නිසා ,රටේ එදිනෙදා කටයුතු යම් තරමින් හෝ සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා කෙටිකාලීන සහ දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු වනවා. මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍රයක වන්නේ අපේ රටේ අධ්‍යාපනයයි.

පසුගිය වසර පුරාම අඩාලව පැවැති අධ්‍යාපන කටයුතු යථාවත් කිරීම සඳහා රජය විසින් මේ දක්වා නිසි මඟ පෙන්වීමක් හෝ අත්‍යවශ්‍ය පියවර කිසිවක් රැගෙන නැහැ. මේ හේතුව නිසාම බොහෝ පාසල්වල තම හිතුමතේට අනුව අන්තර්ජාලය භාවිතාවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට පෙළඹී තිබෙනවා. දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ කිසිදු සැලකීමක් නොදක්වා සිදුකරන මෙම අන්තර්ජාල අධ්‍යාපනය හේතුවෙන් ඉදිරියේදී අධ්‍යාපන සහතිකයක් සහිත නමුත් බරපතළ රෝගාබාධවලින් පෙළෙන දරුවන් පිරිසක් ඇතිවීම නැවැත්විය නොහැක .

කායික ආබාධ-

ඉතා කුඩා ජංගම දුරකථනයක තිරයක් දෙස දිගු වේලාවක් දෑස් යොමු කොට බලා සිටීම තුළ ,ඇස්වල මාංශපේෂි විඩාවට පත් වනවා පමණක් නොව ජංගම දුරකථන තිරය මගින් විහිදෙන දීප්තිමත් ආලෝකය බොහෝ වේලාවක් ඇසේ දෘෂ්ඨිවිතානය මත පතිත වීම හේතුවෙන් එයට දරුණු ලෙස හානි සිදුවෙනවා. මේ නිසා දරුවන්ගේ පෙනීම දුර්වලවීමේ දැඩි අවදානමක් තිබෙනවා. ඇස් වල වේදනාව සහ කඳුළු ගැලීම ,පෙනුම බොඳ වීම, හිසරදය වැනි ලක්ෂණ මෙහිදී මුලින්ම ඇති වෙනවා .

මෙයට අමතරව ඔලුව එකම ඉරියව්වක තබාගෙන සිටීම නිසා බෙල්ලේ කැක්කුම සහ, බෙල්ලේ මාංශ පේශි තද වීම හේතුවෙන් හිසරදය මෙන්ම බෙල්ලේ කැක්කුම, සිරුරේ එක් අංශයක් හිරිවැටීම වේදනාව ඇතිවීම සහ අක්‍රීය වීම ඇතිවිය හැකියි. මෙය එක්තරා ආකාරයක” අංශභාගය ” රෝග තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බොහෝ වේලාවක් ගෘහස්ථව එකතැන වාඩි වී සිටීම හේතුවෙන්, දරුවන් තරබාරු වීම උදරය නෙරා ඒම, විටමින් ඩී ඌනතාව, මෙන්ම බෝනොවන රෝග ගණයට අයත් දියවැඩියාව සහ රුධිරයේ කොලෙස්ටරෝල් වැඩිවීම අක්මාවේ තෙල් තැන්පත් වීම වැනි රෝග තත්ත්වයන්ට ද ගොදුරු වීමේ අවදානමක් තිබෙනවා .

මානසික ගැටලු

ජංගම දුරකථනවලින් පිටවෙන විකිරණවලට දිගු කාලයක් නිරාවරණය වීම නිසා කලබලකාරී ගතිය, නින්ද නොයාම, මානසික ආතතිය වැනි මානසික රෝග ඇතිවීමේ දැඩි සම්භාවිතාවක් තියෙනවා.
මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ තම ප්‍රමුඛ සැලකිල්ල යොමු කොට වෛද්‍ය විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා සුදුසු ක්‍රමවේදයක් කඩිනම්ව සැකසිය යුතුව තිබෙනවා.

විකල්ප මොනවද?

විශේෂයෙන්ම අන්තර්ජාල අධ්‍යාපනය වෙනුවට ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය යොදා ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට අවධානය යොමු කිරීම සුදුසු වනවා. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මඟ පෙන්වීමක් වෛද්‍ය උපදෙස් අනුව සිදුකළ යුතු වෙනවා.

උදෑසන පහට පමණ ඇරඹෙන පාසල් අධ්‍යාපන කටයුතු රාත්‍රී 10 පමණ වනතුරු සමහර පාසල් වලින් නොකඩවා සිදුකිරීමට අත්තනෝමතිකව කටයුතු කර තිබෙනවා. මෙය වළක්වා පාසල් කාලය තුළ පමණක් නියමිත කාලසටහනකට අනුව එක වරකට පැය බාගයක උපරිමයකට යටත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් එවන් වූ වැඩසටහන් දෙකක් අතර තවත් පැය භාගයක හෝ ඊට වැඩි කාලයක විරාමයක් ලබා දීමත් ඉතාමත්ම අවශ්‍ය වනවා.

මෙය ඉතා හදිසි සහ අත්‍යවශ්‍ය කටයුත්තක් ලෙස ඉටු කිරීම මගින් දැයේ දරුවන් අනාගතයේ රෝගීන් බවට පත් පත් වීම වළක්වා ගැනීමට අවධානය යොමු කළ යුතු වනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් රෝගීන්ගේ ජාන විශ්ලේෂණයට නැනෝ තාක්ෂණය

Next Post

ඉන්දීය මත්ස්‍ය කොල්ලකරුවන්ගේ විරෝධය ගණන් ගන්නෙ නෑ… අපේ වැඩේ කරනවා… – ධීවර ඇමති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.