ලලිත් චාමින්ද –
සුළු හා මධ්‍ය පරිමාන වීමොල්හිමියන් විසින් වි කිලෝවක් රජයේ සහතික මිලට වඩා වැඩි මිලට මිලදි ගැනීම නිසා වී අලෙවි මණ්ඩලයට වී ලබාදිමට ගොවින්ගේ කිසිදු උනන්දුවක් නොමැති බැව් වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පවසයි.
වී අලෙවි මණ්ඩලය විසින් නියමිත ප්‍රමිතියෙන් යුතු වියලි නාඩු වී කිලෝවක් රුපියල් 120ක මිලකට මිලදිගනු ලබන අතර මේ වනවිට සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන් විසින් කුඹුරේදිම වී කිලෝවක් රුපියල් 123,125 වැනි මිල ගණන්වලට මිලදි ගැනිම සිදුකරණ බවද වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පෙන්වාදෙයි.
ගොවින් විසින් වී වේලා වී අලෙවි මණ්ඩලයට ලබාදිමට මැලිකමක් දක්වන අතර එම නිසා ගොවින් කුඹුරේදිම තම වී අස්වැන්න මොල් හිමියන්ට අලෙවිකිරිමට කටයුතු කරති. බඳගිරිය වැනි ප්‍ර දේශවල වියලී වී කිලෝවක් රුපියල් 130,135 වැනි මිල ගණන්වලට වී මෝල් හිමියන් විසින් මිලදි ගනු ලබන බවද වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පෙන්වා දෙයි.
අක්කර දෙකහමාරකට වඩා වැඩියෙන් වී වගාකරණ ගොවින්ට සිය අස්වැන්නෙන් අඩුම තරමින් වී කිලෝ 500ක්වත් වි අලෙවි මණ්ඩලය වෙත ලබාදෙන ලෙස රජය මගින් ඉල්ලිමක් කළහොත් ගොවින් විසින් එම ඉල්ලිමට යහපත් ප්‍රථිචාරයක් දක්වනු ඇති බවද වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය සඳහන් කරයි.
මේ සදහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් මෙන්ම ගොවිසංවිධානවල නියෝජිතයින් සම්බන්ධ කරගත හැකි බවත් මේ පිළිබද රජයේ අවධානය යොමුවිය යුතුව ඇති බවද වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය මගින් මේ වනවිට වී මිලදි ගැනිම සඳහා මධ්‍යස්ථාන 23ක් විවෘත කොට ඇති නමුත් ගොවින් විසින් මේ දක්වා තම කර්යාලය වෙත ලබා වී ලබා දී නොමැති බැව් එම කර්යාලයේ ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික උපේන්ද්‍ර පවසයි. ලංකාවේම ස්වරූපය මෙය බව වාර්තා වෙමින් ඇත.







