ලලිත් චාමින්ද –
දකුණු පළාතෙන් ඊයේ (27) දිනය තුළ නව කොවිඩ් ආසාදිත රෝගින් 39 දෙනෙකු හමුවිමත් සමග දකුණු පළාතෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 874 දක්වා වැඩිවි ඇති බැව් දකුණුපළාතේ කොවිඩ් මෙහෙයුම් කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 490 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයෙන් 309 දෙනෙකු හා හමිබන්තොට දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගින් 75 දෙනෙකු වාර්තා වි ඇති බවද හෙතෙම පවසයි. ඊයේ (27) දින ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවි කොවිඩ් ආසාදිත රෝගින් සංඛ්‍යාව23කි. මාතර දිස්ත්‍රික්කයෙක් ඊයේ (27) දින කොවිඩ් ආසාදිත රෝගින් 12 දෙනෙකු වාර්තා වි ඇත.
කොවිඩ් ආසාදනය විමෙන් 419 දෙනකු සුව වි ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් 264 නෙකු මාතර දිස්ත්‍රික්කයේ 122 නෙකු, හම්බන්තොට දිස්ත්‍රික්යේ 33 නෙකු සුව වි ඇති බවද කොවිඩ් සම්බන්දිකරණ කාර්යාලයේ සම්බන්දිකරණ නිලධාරියා පවසයි.
දකුණු පළාත තුල පවුල් 2317කට අයත් පුද්ගලයින් 4678 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බවද චාමර මහගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.