වේගයෙන් පැතිරය නව කොවිඩ් ඔමික්‍රොන් ප්‍රභේදයත් සමග දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6ක සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීමට රජය තීරණය කර ඇත.
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ, එස්වාටිනි යන රටවල සංචාරය කර පැමිණෙන පුද්ගලයින්ටය.
අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කරයි.
මේ පිළිබඳ ලංකාසර කළ විමසීමක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කීපයක් මේ වන විට පැතිර යන නව කොවිඩ් වයිරස් ප්‍රභේදය මෙරටට ඇතුළු වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි අවදානයෙන් පසුවන බවත් විදේශයන් හී සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ නියදි පරික්ෂාවන් වැඩිකිරීමටද මේ වන විට කටයුතු යොදා අති බවත්ය.
මෙම වයිරසය මේ වන විට රටවල් කොතරම් සංඛ්‍යාවක පැතිර තිබෙන්නේද යන්න පිලිබද මොහොතින් මොහොත තොරතුරු අලුත් වන බව ද ඔහු පැවසුවේය.
කෙසේ නමුත් මෙම වයිරසය සම්බන්ධයෙන් ඉදිරියේදී රට හැසිරවිය යුත්තේ කෙසේද යන්න පිලිබඳව මේ වන විට වයිරස් විශේෂඥයින් තොරතුරු එක්රැස් කරමින් පවතින බවත් ඔවුන්ගේ වාර්තාවන්ට අනුව ඉදිරියේදී සැලසුම් ක්‍රියාත්මක කරන බවද විශේෂඥවරයා පැවසීය.