තොණ්ඩමන් අවමංගල්‍යය වාර්තාකළ මාධ්‍යවේදියාට කොරෝනා නෑ…

දික්ඔය මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ තහවුරු කරයි...

උපේක්ෂා උඩුවැරැල්ල –

හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමංගල්‍යය වාර්තා කරමින් සිටියදී  කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට  ප්‍රචාරය වූ  පතන ග්‍රෙඩ්විල් වත්තේ පදිංචි විසිහය හැවිරිදි මාධ්‍යවේදියකු වන ගනේෂන් ක්‍රිෂාන්තන්ට කොවිඩ් ආසාදනය වී නැති බවත්, පී.ආර්.සී පරීක්ෂණයේ ප්‍රතිඵල එය තහවුරු කළ බවත් දික්ඔය මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඊ.කේ. වෙල්ලාලන් මීට ස්වල්ප මොහොතකට පෙර ලංකාසර වෙබ් අඩවියට තහවුරු කළේය. 

ඒ බව බාහිර රෝගී අංශය භාර වෛද්‍ය සුදර්ශන් හරහා ගනේෂ් ක්‍රිෂාන්තන්ට දැනුම් දුන් බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රටම අපහසුතාවයට පත් කරමින් අමාත්‍ය තොන්ඩමන් ගේ මරණගෙදරට සහභාගී වූ තිදෙනෙක් කොවිඩ් ආසාදිතයන් විය හැකි බවට ප්‍රසිද්ධ මාධ්‍යයකට ප්‍රකාශයක් කළ පතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.


Exit mobile version