ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් 92 සහ ඔටෝ ඩීසල් අලෙවියන් ලාභයක් වාර්තා කරමින් 2023 පෙබරවාරි 18 වන විට සිය ඉන්ධන පිරිවැය වාර්තා කර ඇත.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර හෙළිදරව් කළේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16.21ක ලාභයක් ද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3.25ක ලාභයක් ද උපයා ඇති බවය.
පෙට්‍රල් 95 ලීටරයකින් ලද ලාභය රුපියල් 109.44ක් බවත් ලංකා සුපර් ඩීසල් ලීටරයකින් ලද ලාභය රුපියල් 11.64 ක් බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සෑම භූමිතෙල් ලීටරයක් අලවියේ දීම රුපියල් 21.49ක් සංස්ථාවට පාඩු වී ඇති බවය.








