අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් පෝලිම් හැදෙන්නෙ ඉන්ධන හිඟය නිසා නොවෙයි… ඉන්ධනහල් හිමියෝ හේතුව කියති!

by editor
අගෝස්තු 31, 2022
in පුවත්
Fueal
Share on FacebookShare on Twitter

තැන තැන දිගු ඉන්ධන පෝලිම් නිර්මාණය වීමට හේතු වී ඇත්තේ ඉන්ධන හිඟයක් නොව ඉන්ධනහල් හිමියන්ගේ ගෙවන මුදල් සම්බන්ධයෙන්  දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අනුමගනය කරනු ලබන අකාර්යක්ෂම ක්‍රමවේදය බව සමස්ත ලංකා ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු  ලංකාසර ට පැවසීය.

තමන් ලබා ගන්නා ඉන්ධන තොග වෙනුවෙන් මුදල් ගෙවීමට පෙර අනුගමනය කළ ක්‍රමය වෙනුවට දැන් තමන්ට ඉන්ධන ඇණවුම අවශ්‍ය දිනවල පෙරවරුවේ අදාළ මුදල් බැංකු ගත කළ යුතු බවට නියමයක් පනවා ඇති බවත් මේ තත්ත්වය හේතුවෙන් සමස්ත බෙදාහැරීම් ක්‍රමවේදයම ආකර්යක්ෂම තත්ත්වයට පත්ව ඇති බවත් සභාපතිවරයා   පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව ලංකාසර කළ විමසීමකදී ඔහු මේ පිළිබඳව පැහැදිලි කළේ මෙසේය.

“ ඉස්සර අප ඉන්ධන තොගයක් ඇණවුම් කළාම එයට අදාළ මුදල චෙක් පතකින්  ලබා දීමට පියවර ගන්නවා. එම චෙක්පත ඇතැම් විට අදාළ ඉන්ධන බවුසරයේම සංස්ථාව වෙත යවනවා. “

“පහුගිය දවස්වල මෙම මුදල් තමන්ට ඉන්ධන අවශ්‍ය දිනයේ පෙරවරු 9.00ට පෙර මුදල් ගෙවිය යුතුයි කියල නීතියක් ගෙනාවා. ඊට පසුව එය පෙරවරු 9.30 කළා. දැන් 10.30ට පෙර ගෙවිය යුතුයි කියලා නියමයක් තිබෙනවා. මෙය ප්‍රායෝගිකව අසීරු කාර්යයක්. හේතුව එකම වෙලාවක බැකුවට මේ මුදල් රැගෙන ආරක්ෂිතව යා යුතුයි. අනෙක බැංකුවල උදේ කාර්ය බහුල අවස්ථාවක්. එවිට යම් යම් ප්‍රමාදයන් සිදුවෙනවා. ක්‍රෙඩිට් කාඩ්පත්වලින් කළ ගෙවිම්වලට අදාල මුදල් වෙනත් බැංකුවලින් ලබාගැනීම වගේ ප්‍රායෝගික දුෂ්කරතාවනුත් ඊට ඇතුළත්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට පසුව මේ සියලු මුදල් එකවර   සංස්ථාවට වැටුණම එතනින් ඉන්වොයිස් නිකුත් කිරිම ප්‍රමාද වෙනවා. ඉන්ධනහල් හිමියන් දන්නේ නෑ තමන් මුදල් බැන්දාම ඉන්ධන ප්‍රවාහන රථය ෂෙඩ් එකට එන්නේ කීයටද කියලා. ඒක අවිනිශ්චිතයි. මේ නිසා බොහෝ ප්‍රමාදයන් සිදුවෙනවා. මේ තෙල් පෝලිම්වලට බලපා තිබෙන ප්‍රධාන හේතුව එය මිසක් තෙල් සැපයුමේ ප්‍රශ්නයක් නෙවෙයි“ ඔහු සඳහන් කළේය.

සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු   යෝජනා  කරන්නේ අඩුම වශයෙන් මෙම මුදල් ගෙවීමේ කාලය දහවල් 12.30 දක්වා දීර්ඝ කොට මුදල් බැංකු ගත කළ සැණින් ඉන්ධන තොගය නිදහස් කිරීමට අවශය්‍ය සැපයුම්  වැඩපිළිවෙළක් සංස්ථාව සකස් කළ යුතු බවයි.

ඔහු එහිදී තවදුරටත් පවසන්නේ දැනට ඉන්ධන සිල්ලර අලෙවියේදී ක්‍රියාත්මක වන ක්‍රමවේදය මෙන්ම  සංස්ථාවේ සැපයුම්වලට අදාළ ගිණුම් අංශයත් සැපයුම් අංශය මෙන්ම අදාළ ගෙවීම් සිදු කරන බැංකු පදධතිය සමෝධායනය කළ තොරතුරු තාක්ෂණ පද්ධතියක් සථාපනය කර මෙම වැඩපිළිවෙළ කාර්යක්ෂම කරවන ලෙසයි.

එසේ නැතිනම් පැරණි ක්‍රමවේදයට අනුව අදාළ සැපයුම අවශ්‍ය දිනයට නිකුත් කරන චෙක්පතක් මඟින් ගෙවීම් කිරීමේ පහසුව ඇති කරවන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මේ පිළිබඳව මෙම සතියේදී විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේස්කර   ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවත් දැනටත් තම යෝජනා අමාත්‍යවරා වෙත යොමු කර ඇති බවද ඔහු පැවසීය.

“ මේ විදිහට ගියොත් වෙන්නේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කළ QR කේතය අනුව ඉන්ධන සැපයීමත් අකාර්යක්ෂම වීමයි. දැනටමත් මේ තත්ත්වය ඇතිවෙලා. ඒ නිසා අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන්  යම් ඉක්මන් පියවරක් ගැනිම වැදගත්.“ ඔහු වැඩිදුරටත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මරණ දණ්ඩනයට අත්සන් තැබීම ජනාධිපති ප්‍රතික්ෂේප කරයි… ඒ වග ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි

Next Post

ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් පද්ධතිය භාවිතය නොමිලේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.