තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාවරිය අල්ලසක් ගනිද්දී අත් අඩංගුවට…

තෙල්දෙණිය දිසා මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව විසින්  අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

අත් අඩංගුවට ගත් රෙජිස්ට්‍රාවරිය අද ( 18) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අධිකරණ නියෝග මත දේපළ තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් ලබාගන්නා අවස්ථාවේ දී ඇය අත්අඩංගුවට ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකුගේ පැමිණිල්ලකට අනුව   අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේ දී රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ වෝදනා කොමිෂන් සභාව සඳහන් කරයි.

Exit mobile version