තුනෙන් දෙක අවිනිශ්චිතයි – 20 වැනි සංශෝධනයක

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දහනව වැනි සංශෝධනය අහෝසි කරන්නේ නම් ඊට විරුද්ධවීමට සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

මේ අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධානතම පාර්ශවකරු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවාට විරෝධය පළ කර තිබෙන අතර එහි ඇති යහපත් ගුණාංග සහිත කරුණු ඇතුළත් විසි වැනි සංශෝධනයට ඇතුළත් කළ යුතු යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතියට අනුව සමගි ජන බලවේගයට මන්ත්‍රීවරු 54ක් ද ජාතික ජන බලවේගයට 3 දෙනෙක් ද දෙමළ ජාතික සන්ධානයට 10ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 15ක්ද වශයෙන් මන්ත්‍රීවරු 82 දෙනෙකුගේ ඡන්දය නොලැබෙන්නේ නම් 20 වෙනි ව්‍යවස්ථා සංශෝදනයට තුනෙන් දෙකේ බහුතරයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් ආණ්ඩුවේ ප්‍රථම කාර්යය ලෙස සැලසුම් කර ඇත්තේ දහනවවැනි සංශෝධනය අහෝසි කර විසිවෙනි සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් සම්මත කරගැනීම වුවත් මේ වනවිට සුළු පක්ෂ සහ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවට ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Exit mobile version