ලලිත් චාමින්ද –
ඉමදුව ඇල්වලගොඩ ප්රදේශයේ තේ වගාකොට අත්හැර ඇති කැළැබද ඉඩමක තිබි පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක ඇටසැකිල්ලක් හමුවි ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි.
ඇටසැකිල්ල තිබු ස්ථානය අසල තිබි මියගිය පුද්ගලයාගේ ඇදුම් බැගයක් හා ජාතික හැදුනුම්පත පොලිසිය මගින් සොයාගෙන ඇත.
මියගිය පුද්ගලයා ඉමදුව ඇල්කොරටුවගොඩවත්ත, කෝදාගොඩ ප්රදේශයේ පදිංචි 70 හැවිරිදිවියේ පසුවන විවාහකයෙකු බවට හදුනාගෙන ඇත. මොහු මිට මාස තුනකට පමණ පෙර මියගොස් ඇති බවට සැකකරණ අතර මොහු විටින් විට තම සහෝදරයින්ගේ නිවෙස්වල පදිංචිව සිට ඇති බවට අනාවරණය වි ඇති බව පොලිසිය පවසයි.
මේ පිළිබද මහේස්ත්රාත් පරික්ෂණය අද (20) පැවැත්විමට නියමිතව තිබු අතර ඉමදුව පොලිස් ස්ථානාධිපති ඒ. වි උදිත කුමාරගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.