සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුට්ටු දෙකේ පොඩි ලැසී අපතයා කටුනායක දී පොරක් කිරීමේ අප්‍රසන්න කතාව…

by editor
පෙබරවාරි 27, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

තුට්ටු දෙකේ පාතාල කල්ලිකාර අපතයෙක් අද ලංකාවට ගෙනාවේය. මේකා ගෙනාවේ පොලිසිය ඉන්දියාවට ගිහින් කළ වික්‍රමයකින් නොවේ. මූ ඉන්දීය ආරක්ෂක අංශ වෙත කොටුවන්නේ ලංකාවේ පොලිසියට අමුඩය ගස්සා ඇප ලබා ගත් දිනයේදීම ඉන්දියාවට පැනීමෙන් අනතුරුවය.  ඉන්දියාවේ පුරවැසියෙකුගේ ගුවන් බලපත්‍රයකින් යුරෝපීය රටකට පැනගන්නට සූදානමින් සිටිය දී    ඉන්දියානු පොලිසියට  අසුවූ පසු මේකා  ගැන ලංකාව දැනගන්නේ ඒ පිළිබඳව ඉන්දියාව  ලංකාවෙන් කළ විමසීමකින් පසුවය.   

ඒ වෙනතුරු පොඩි ලැසී නැමැති මේ අපත කාලකණ්ණියා ඉන්නේ කොතැන ද කියා හෝ නිශ්චිතව පොලිසිය දැනගෙන සිටියේ නැත. අනතුරුව ඉන්දියාව තුළ මූට එරෙහිව දීර්ඝ නඩු විභාගයක් තිබිණි. එම නඩුව අවසන් වූ පසු ඉන්දියාව මේ අපතයාව ලංකාවට පිටුවහල් කළේය. ඌව ගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දෙදෙනෙක් ඉන්දියාවට ගියා පමණය. මූට රතු වරෙන්තුවක් තිබුණේ නැත. නේපාලයට හෝ ඉන්දුනීසියාවට ගොස් සිදුකළා වැනි විශේෂ මෙහෙයුමක් සිදුකළෙත් නැත. ඉන්දියාවේ නඩු කටයුතු අවසන් වූ පසු ඌ ලංකාවට එව්වේය.

මෙහෙම අපතයෙක් රටට ගෙනා පසු කළ යුත්තේ මාධ්‍ය සංදර්ශනවලට ඉඩ දීම නොව, පොලිස් වාහනයකින් ඒකාව රැගෙන ගොස් අදාල විමර්ශන ආරම්භ කිරීමය. ඒත් මේ ගොබ්බයා කටුනායකට ගෙන්වූ පසු පොලිසියේ උන් නැටුවේ නැත්තේ කාවඩි පමණය. මාධ්‍යය ගෙන්වාගෙන උගේ පැමිණීම සජීවීව පෙන්වමින්, සජීවී විස්තර විචාර දෙන්නට ඉඩ හරිමින් මේ තරම් බාල ගේමක් ගහන්නට හිත හදාගත් පොලිසිය ගැන ඇත්තටම අපට දුකය.

තුට්ටු දෙකේ කබ්බන් ෆෝම් නොකර සිටිනා ලෙස අපට කියුවේ පොලිස්පතිය. එහෙත් පොලිස්පති අද තමන්ගේ පොලිසිය දමා කබ්බා රජාට ඇන්දවූයේය. පාතාලයේ අපතයින්ගේ මානසිකත්වය දැනගෙන පොලිසිය රටට මෙවැනි නපුසංක ආතල් දෙන්නට යෑම තවමත් අපට තේරුම් ගන්නට බැරිය. . පොඩි ලැසියා අද ගාල්ලට යන්නේ උගේ හනිමුන් එකට යනවා වැනි ආතල් එකකින් බවනම් අපට නම් පෙනුනේය. බන්ධනාගාරයේ සිට අධිකරණය ඉදිරියට එද්දීත් මාධ්‍යයට පෙනී සිටීම සඳහා මේකප් කරගෙන එන පොඩි ලැසියාට අද කැමරා ගණනාවකින් ලයිව් කවරේජ් එකක් ලැබුනේය.

ඌ රටට ගොඩ බැස්සේ ගැම්මෙනි. ඒ ගැම්ම දකින විට සිහිවුනේ ඔලිම්පික් මෙඩ්ල් එකක් දිනාගෙන එන එකෙකි. චුවින්ගම් හපමින්, සිනාසෙමින්. පොලිස් නිලධාරීන් කැමරා ඉදිරියේ කෝචොක් දමමින් ගැම්මට පැමිණි ලපයි සිපයි ගොබ්බයා දකින විට මේ මීඩියා ආතල් දෙන්නට ඉඩ හැරිය උන්ට කියන්නට ඇත්තේ තූ නොදකින් කියා විතරය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මේ ගෙනාවේ අපරාධකරුවෙකි. මේකා බූස්සේ සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට, එවකට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට  මරණ තර්ජන කළ එකෙකි. අපරාධ ජීවිතයේ මේකා එළියේ සිටියේ ඉතාම කෙටි කාලයකි. ඌ උගේ අපරාධ ජාලය මෙහෙයවූයේ බන්ධනාගාරයක් තුළ සිට රාජ්‍ය ආරක්ෂාව යටතේය. රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවේ අවුරුද්දකට ආසන්න කාලයක් මේකා ගැන විමර්ශන කළේය. තොරතුරු අනාවරණය කර ගත්තේය. අනතුරුව උසාවියට ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමෙන් පසු 2024 දෙසැම්බර් 09 වනදා නීතිඥයින් පරිවරා ගනිමින් පැමිණ අධිකරණයෙන් ඇප ලබා ගත්තේය. ඊට පෙර ඇප ලබා ගැනීමට අවස්ථාව තිබුණත් ඌ ඇප ලබා ගත්තේ නැත. එක්වර මේ ආකාරයෙන් ඇප ලබා ගන්නේ නිශ්චිත සැලසුමක් සහිතව බව පොලිසිය හෝ ආරක්ෂක අංශ අනුමාන නොකළා යැයි අපට සිතන්නට ඉඩක් නැත.   මේකා ඇප ලබා ගත් දිනයේදිම රටින් පැන්නේය.

රටින් පැන්න පසුත් මුගේ නඩු වලට මූ ඉදිරිපත් නොවුනත් මුගේ නීතිඥවරු ඉදිරිපත් වූහ. දැන් මේකා අල්ලාගෙන ඇවිත් කරන්නට ඇත්තේත් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමය. මෙවැනි අපතයින් පොරවල් නොකර සිටීම අඩුම තරමින් ඒ නෛතික කටයුතුවලට පහසුය. ඒ නිසා මුන් අල්ලාගෙන රටට ගෙනන විට රටට සජීවී විස්තර ප්‍රචාර අනවශ්‍ය බව පමණක් පුරවැසියෙක් ලෙස ලියා තබමි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිට්වා සුළි කුණාටු ආපදා තත්ත්වයට සම්බන්ධ සියලු රාජකාරිවලින් රාජ්‍ය සේවකයෝ 16000ක් ඉවත් වෙති…

Next Post

නේවාසිකාගාර සම්බන්ධව පරිපාලන අර්බුදයක්… රජරට සරසවියේ සිසු සිසුවියන් බරපත අවුලක…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.