කීර්ති ප්‍රනාන්දු –
ඊයේ දින පස්වරැ 9.30 ට පමණ බන්ධනාගාර “හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය” විසින් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය සොදිසි කිරීමේ දී තිළිණි ප්‍රියමාලි සන්තකයේ තිබී සොයා ගත් නොකියා වර්ගයේ කුඩා ජංගම දුරකථනය තවත් කාන්තා රැඳවියෙකු මාර්ගයෙන් ඇය ලබාගෙන ඇති බව හෙළි වී ඇතැයි බන්ධනාගාරය මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.
සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර හදිසි වැලිකඩ බන්ධනාගාර අධිකාරි විසින් සිදුකරනු ලැබ තිබිණි.
මෙම නොකියා වර්ගයේ කුඩා දුරකථන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදෙන දී ඇත.
රැඳවි කාන්තාවක් ගෙන් ලැබී ඇති බව කියන මෙම දුරකථනය පිලිබඳව කාන්තා අංශයේ නිලධාරීන්ගෙන් හා නේවාසිකයන්ගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි.







