සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තාජූඩීන් ඝාතන සිද්ධිය පිලිබඳ ආණ්ඩුව හැසිරීමෙන් නාමල් හොඳටම කිපී විශේෂ ප්‍රකාශයක් කරයි!

නාරාහේන්පිට ඕඅයිසී ලවා බොරු සාක්ෂි හදන්න හැදූ ඉහළ නිලධාරින් අද පොලිසියේ ලොකු පුටුවල... බොරු කතා කිව්වොත් නීතිය ඉදිරියට යනවා... නාමල් දැඩිව කියයි...

by editor
ඔක්තෝබර් 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට උත්සාහ කරන්නේ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

මන්ත්‍රීවරයා අවධාරණය කළේ, 2015 වසරේ සිට හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව විසින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවය.

ඔහු පෙන්වා දුන්නේ වසීම් තාජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට OIC ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බවත්, එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවත්ය.

මීට අමතරව, හිටපු නාවික හමුදාපතිවරයාගේ නඩුව සම්බන්ධයෙනුත් බොරු සාක්ෂි කියන්න බලපෑම් කළ බවට පොලිසියේ නිලධාරියෙක් අධිකරණයට දැනුම් දී ඇති බව නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය. CID එක නිරන්තරයෙන් බොරු සාක්ෂි හදා ආණ්ඩුව සතුටු කරවන්න උත්සාහ කරන බවටද ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, පොලිසියේ මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු මාධ්‍යයට දැක්වීම වෙනුවට, එම කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කළ යුතු බවයි. කරුණු මාධ්‍ය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පෙනී යන්නේ මේ නඩුව සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කතිකාවතක් ගොඩනැගීමට ඇති උමනාව බවද ඔහු සඳහන් කළේය.

RelatedPosts

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

නාමල් රාජපක්ෂ ආණ්ඩුවට සහ පොලීසියට දැඩිව කියා සිටියේ, සියලු කාරණා ගැන අපක්ෂපාතීව පරීක්ෂණ කටයුතු කරන ලෙසයි.

තාජුඩින් නඩුව පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන ආකාරයටම, යම්කිසි කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයා ඉනට අත තියන් ඉන්නවා යැයි හඳුනාගත්තා නම්, ඇයගේ ස්වාමි පුරුෂයා කවුද, ඇය පසුගිය දිනවල කොහේද ජීවත් වුණේ, කා සමඟද සිටියේ, කවුරුන් ඇසුරු කළේද යන කාරණා ආණ්ඩුව සහ පොලිසිය සොයා බැලිය යුතු බවයි.

මෙම තජුඩීන් නඩුව දේශපාලන වේදිකාවක් නිර්මාණය කරගන්න මහන්සි නොවී, යම්කිසි අසාධාරණයකට ලක්වී ඇත්නම් ඒ පිළිබඳව සාධාරණව අපක්ෂපාතීව පරීක්ෂණයක් කළ යුතු බවටත් එසේ නොකළහොත් එය යම් යම් අයගේ පෞද්ගලික හේතු කාරණා ඉෂ්ට කරගැනීමට සහ ආණ්ඩුවේ දේශපාලන වාසිය හා අවස්ථාව ඉෂ්ට කරගැනීමට කරන දෙයක් බවටත් ඔහු චෝදනා කළේය.

ඔහු සඳහන් කළේ, ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන විට, ප්‍රශ්නවලට උත්තර නැති වන විට, එම ප්‍රශ්නය යට ගහගන්න ජනතාවගේ මතය වෙන පැත්තකට හරවන්න උත්සාහ කරන බවයි.

එමෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ වෙනත් පුද්ගලයෙක් වේවා, ආණ්ඩුවේ උමනාව මත බොරු කරුණු දක්වන්න උත්සාහ කෙරුවොත්, අධිකරණ ක්‍රියාදාමයට හෝ පරීක්ෂණ කටයුතුවලට අගතියක් වන ලෙස ප්‍රකාශන නිකුත් කිරීමට ලෑස්ති වුවහොත්, ඒ පිළිබඳව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක වනු ඇති බවටත් ඔහු පැවසීය

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොවැම්බර් 01 දා සිට නොමිලයේ පොලිතින් නෑ…. ෂොපින් බෑග්වලටත් දැනෙන මුදලක් අය කිරීමට සැරසෙයි…

Next Post

මෝදර අලුත් මාවතෙන් හමුවූ බෝම්බ 10 නිශ්ක්‍රීය කර රස පරීක්ෂ වාර්තාවක් ඉදිරිපත් කරන්න… අධිකරණය නියෝග කරයි…

Related Posts

HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.