ඔක්ටේන් 95 පෙට්‍රල් ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඔක්ටේන් 95 ඉන්ධන ලබා ගන්නා යතුරුපැදිකරුවන් හා ත්‍රී රෝද රථ රියදුරන් පසුව එම ඉන්ධන අධික මිලකට විකුණන බවට සංස්ථාව ලද තොරතුරු මත පදනම්ව බව වාර්තා වේ.
විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර පැවසුවේ අද (28) උදෑසන වන විට මෙරට පවතින්නේ 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6142ක ප්‍රමාණයක් පමණක් බවය.