ත්‍රී කුණාමලය දිස්ත්‍රික්කයේත් තැපැල් ඡන්දය මාලිමාවටය. වලංගු මුළු ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 61ක් දිනා ගන්නේ මාලිමාවය.
ත්‍රි කුණාමලයේ වලංගු ප්‍රකාශිත මුළු චන්ද ප්‍රමාණය 15,896කි. ඉන් 9,705ක් ලබා ගන්නේ ජාතික ජන බලවේගය විසිනි. එනම් ප්‍රතිශතයක් ලෙස සියයට 61කි.
සමගි ජන බලවේගය ඡන්ද 2833කි. ඉලන්කෙයි තමිල් අරසු කච්චි පක්ෂය 1749කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 382කි. විශේෂත්වය වන්නේ සාමාන්‍යයෙන් ත්‍රී කුණාමලය දිස්ත්‍රික්කයේ බලය හිමිකරගන්නා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය තැපැල් ඡන්දයෙන් 3 වැනි තැනට ඇද වැටුනේය.
ලියාපදිංචි මුළු තැපැල් ඡන්ද 16807කි. අවලංගු ඡන්ද ප්‍රමාණය 622කි.







