ලලිත් චාමින්ද –
එකම පවුලේ ඥාතින් පිරිසක් ත්රිරෝද රථයකින් අවුරුදු නෑගම් යමින් සිටියදි ත්රි රෝද රථය ඇල්පිටිය අවිත්තාව ප්රධාන මාර්ගයේ කැටපොල පල්ලිය අසලදි කැන්ටර් රථයක ගැටිමෙන් වු අනතුරකින් ත්රි රෝද රථයේ ගමන්ගත් දරුවන් දෙදෙනෙකු හා ත්රි රෝද රථරියදුරු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය සහ ගාල්ල කරාපිටිය යන රෝහල්වලට ඇතුළත්කොට ඇති බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ඊයේ (20) පස්වරුවේ දි වු මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කෙනුලි සුවන්සා (07) සහ මිතුල ප්රනාන්දු (10) යන දරු දෙදෙනා සහ ත්රි රෝද රථයේ රියදුරුවන මෙම දරු දෙනොගේ සියා වන කාලිංග නිහාල් සෝමරත්න (67) නැමති අයෙකි. මොවුන් ඇල්පිටිය ප්ර දේශයේ පදිංචිකරුවෝ වෙති.
මතුගම ප්රදේශයේ පිහිටි ඥාති නිවසකට අවුරුදු නෑගම්යාම සදහා මොවුන් ඊයේ පස්වරුවේ ත්රි රෝද රථයෙන් ගමන් කරමින් සිට ඇත. ත්රි රෝදරථය පැදවු පුද්ගලයාගේ බිරිඳ සහ ඔවුන්ගේ දියණිය හා දරු තිදෙනා ත්රි රෝද රථයේ ගමන් කරමින් සිට ඇත. මොවුන් ගමන් කරමින් සිටි ත්රි රෝද රථයට ඉදිරියෙන් පැමිණි කැන්ටර් රථයක් ත්රි රෝද රථයේ ගැටි ඇති බව පොලිසිය පවසයි. කැන්ටර් රථයේ රියදුරුට රථය පාලනය කරගැනිමට නොහැකිවිමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී ඇත.
මියගිය ත්රිරෝද රථ රියදුරුගේ බිරිය හා දියණිය ගාල්ල කරාපිටිය රෝහලේ ප්රථිකාර ලබන අතර එක් දරුවකු ඇල්පිටිය රෝහලේ ප්රථිකාර ලබයි. කැන්ටර් රථයේ රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඇල්පිටිය පොලිසිය මෙම අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වයි.