ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනා අදාළ ඒවා නොවේ ! වසන්ත මුදලිගේ නිදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී  ඇති චෝදනා  අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු  වසන්ත මුදලිගේට අදාළ නොවන බව ප්‍රකාශ කළ කොළඹ  ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඔහු නිදහස් කිරීමට පියවර ගත්තේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී මහෙස්ත්‍රාත්වරයා  තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අවභාවිත කිරීමට පැමිණිල්ල විසින් සාකෂි නිර්මාණය  කරනු ලැබ ඇති බවයි. ඒ අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාස 7කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීටම් පනත යටතේ චෝදනා ගොනු කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි මුදලිගේ ට නිදහස ලැබිණි.

 

Exit mobile version