බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්තවාදයට අනුබල දුන් බව කියා තහනම් කළ “කටාර් චැරිටි“ තහනම ඉවත් කළ බව කටාර් ගිය කාංචන කියයි…

by editor
ජූනි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදයට අනුබලදීමේ චෝදනාව මත වර්ෂ 2019 සිට තහනම් කර තිබූ   කටාර් චැරිටි පුණ්‍යායතනයේ අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පනවා ඇති තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර එම පුණ්‍යායතනයේ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

ඔහු   ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්  ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම තීරණය නීතිපතිවරයාට දන්වා ඇති බවය.   මේ දිනවල කටාර් රාජ්‍යයේෙ සංචාරයක නිරතව සිටින කාංචන විජේසේකර   කටාර් චැරිටි පුණ්‍යායතනයේ නිලධාරීන් පිරිසක් හමුවූ අවස්ථාවේ මේ බව  ඔවුන්ට දන්වා තිබේ.

 

Met the Officials of the Qatar Charity yesterday. Conveyed the message that the Defense Ministry has informed the Attorney General its decision to lift the ban on the fund which was imposed in 2019. Discussed the Charity’s work in SL and globally. pic.twitter.com/tHzv7HduLV

— Kanchana Wijesekera (@kanchana_wij) June 30, 2022

 

එම පුණ්‍යායතනය ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වශයෙන් කරන ලද කාර්යයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළ බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකා බලධාරීන් ‘කටාර් පුණ්‍යායතනය’ ත්‍රස්තවාදී ආයතනයක් ලෙස නම් කර තිබූ අතර නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ ප්‍රමුඛ නඩුවට අදාළව ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් සඳහා අරමුදල් සපයන බව කියා ඊට   චෝදනා කර තිබුණි.

හිස්බුල්ලා 2019 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කරමින් කටාර් පුණ්‍යායතනය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම හිස්බුල්ලා කොටු කිරීමේ උත්සාහයක කොටසක් බව හිජාස් හිස්බුල්ලාගේ නීතීඥයන් අධිකරණයේ දී කිවේය.

කටාර් පුණ්‍යායතනයට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කාර්යාලයක් තිබේ.  එහි කාර්ය මණ්ඩලයක් සේවයේ යොදවා ඇත. එහෙත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය  ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළද ඔවුන් ඒ සේවකයින්  කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත.

වර්ෂ  2019  කොළඹදී පැවති කටාර් පුණ්‍යායතන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ත්‍රස්තවාදී සංවිධානයකට සහාය දක්වන බවට බොදු බල සේනා  චෝදනා එල්ල කළේය.

හිටපු පොලිස් ඇමති සරත් වීරසේකර  2021 ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී  මෙසේ කීවේය.

‘හිජාස් හිස්බුල්ලා කියන පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමඟ තුන් වතාවක් කතා කරලා තියෙනවා මේකට ඉස්සෙල්ලා. එයා විවාහ වෙලා තියෙන්නේත් ඊජිප්තු කාන්තාවක්. ඇයත් ත්‍රස්තවාදී සංවිධානයකට සම්බන්ධයි. ඒ වගේම ඔහු පර්ල් ඔෆ් යුනිටි කියන පාසලක් පවත්වාගෙන තියෙනවා. ඒ පාසලේ දේශන පවත්වලා තියෙන්නේ සහරාන්. ඒකට මුදල් දීලා තියෙන්නේ කටාර් චැරිටි කියන තහනම් සංවිධානයක්. මේ ගැන තවදුරටත් විමර්ශන කටයුතු සිද්ධ වෙනවා. ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වුණ කෙනෙක් ගැන ඔබතුමා වැනි කෙනෙක් කතා කරන්න එපා කියන එක තමයි මගේ ඉල්ලීම.’

අද තහනම ඉවත් කළ බව කාංචන විජේසේකර කීවේ මේ ආණ්ඩුවම තහනම් සංවිධානක් බව කියූ එම කටාර් චැරිටි අරමුදලයට.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි එම් එෆ් කණ්ඩායම ශ්‍රි ලංකාව ගැන කියපු දේ මෙන්න

Next Post

 ලංකාවට පැමිණි අයි එම් එෆ් කණ්ඩායම ශ්‍රි ලංකාව ගැන කියපු දේ මෙන්න!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.