තව දින පහක් යනතුරු මේ අර්බුදය මේ විදිහමයි…. ප්‍රවාහන ඇමති කියයි…

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම සමාජ ආර්ථික බිඳවැටීම සලකුණු කරමින්  අද (31)  පැය 13ක විදුලි කප්පාදුවක් රට තුළ ක්‍රියාත්මක වෙමින් ඇත.

මේ වනවිට ආපන ශාලා හරි අඩකට වඩා වැසී ගොස් තිබේ. පුද්ගලික ප්‍රවාහන සේවා බිඳ වැටී ඇත. ඊයේ විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනු ලැබුවේ දෙවියන්ගේ පිහිට ලබා වර්ෂාව නොලැබුනොත්, තෙල් ටික නොලැබුනොත් අලුත් අවුරුද්ද ගතකරන්නට සිදුවන්නේ අඳුරේ බවය.

ඩීසල් අර්බුදය මේ ආකාරයට පවතින්නේ නම් ඉදිරි සඳුදා දිනයෙන්  පසු පුද්ගලික බස් රථ සියල්ල ධාවනයෙන් ඉවත්කරගැනීමට සිදුවනු ඇති බව  පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කීවේය.


ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම පවසන්නේ පවතින ඉන්ධන හිඟය ලංකා ගමනා ගමන මණ්ඩලයටත් බලපා ඇති බවය.  ඔහු කීවේ අද වනවිට පුද්ගලික බස් රථවලට ඉන්ධන නිකුත් කිරීමට නොහැකි තත්ත්වයකට ලංගමය පත්ව ඇති අයුරුය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ මේ තත්වය 05 වැනිදා විතර වෙනකම් බලපාන්න ඉඩ තියනවා. 5 වැනිදායින් පස්සෙ අපට ඉන්දියන් ආධාර යටතේ ඉන්ධන නැවු දෙකක් ලැබෙනවා කියලා දැනුම් දීලා තියනවා. ප්‍රවාහන ඇමතිවරයා කීවේය.

Exit mobile version