ඇෆ්ගනිස්ථානයේ පාලනය තලේබාන් සංවිධානය අත්පත් කරගැනීමත් සමඟ එරට තුල මානව හිමකම් බරපතල ලෙස කඩවීම් වාර්තා වී ඇති බව ඇමරිකා එකස්ත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසයි.
ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තෙ 2021 වර්ෂය අදාල ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මානව හිමිකම් වාර්තාව නිකුත් කළ අවස්ථාවේදීය.
‟තලේබෙන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පතර ගැනීමත් සමඟ එරට තුල දැඩි මානව හිමිකම් කඩවීමක් වාර්තාව විය. එහිදී මාධ්‍යවේදීන්, කාන්තාවන්, සමාජ ක්‍රියාකරීන් ව බලහත්කාරයෙන් රඳවා ගැනීම් විශාල වශයෙන් වාර්තා වෙනවා. කාන්තාවන්, ගැහැණු ළමුන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතියද අහිමි කර තිබෙනවා.” යනුවෙන්ද ඔයු ප්‍රකාශ කර තිබේ.
මේ අතර හියුමන් රයිට් වොච් සංවිධානය විසින් ද ඇෆ්ගනිස්ථානය තුල බරපතල ලෙස මානව හිමිකම් කඩවීම් සිදුවන බව සඳහන් කරයි.
තලේබාන් සංවිධනාය බලයට පත්වීමත් සමඟ ඇෆ්ගනිස්ථානය ගැහැණු ළමුන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අහිමි වූ අතර කාන්තාවනට රැකියා වල නිරත වීමටද හිමිව තිබූ අවස්තාව අහිමිවිය. මේ සම්බන්ධයෙන් හඬ නැගූ සමාජ ක්‍රියාකාරීන් දැඩි අඩත්තේට්ම් වලට මුහුණ දීමටද සිදුවිය.
කෙසේ වෙතත් තලේබාන් සංවිධානය විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් බලයට පැමිණමෙන් පසුව ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය වූ බවද ඔවුන් ප්‍රකාශ කරයි.