දිනසේන රතුගමගේ –
උතුරේ තල්කුරුම්බා වාරය පැමිණීමත් සමගම තල්කුරුම්බා වසන්ත උළෙලක් වවුනියාවේදී ඊයේ ( 21 ) පැවැත්වුණි.
තල් කුරුම්බා පිළිබඳව වත්මන් ළමා පරපුරට අවබෝධයක් නොමැති නිසා වවුනියාව විශ්ව විද්‍යාලයේ සිසුන් හා තවත් සංවිධාන කීපයක පිරිස් විසින් මෙම උළෙල සංවිධානය කොට තිබුණි.
මෙහිදී තල් කුරුම්බා බීම පමණක් නොව ඉතිරි වන තල් ගෙඩි කොටස් වලින් තල් කරත්ත, තල් පිරමීඩ, තල් බඹර, තල් කොළ සැරසිලි වැනි දේ නිර්මාණය කිරීමටද ළමුන් උනන්දු කළ අතර සඳහාද ඊට සහභාගී වූ ළමයින්ට ත්‍යාගද පිරිනමනු ලැබීය.
තල්ගෙඩියේ ලා පදමේ කුරුම්බා පානය ශරීරයේ දාහය නිවීමට මෙන්ම ශක්ති ජනක ඖෂධයක් ලෙසද උතුරේ වැසියෝ අනාදිමත් කාලයක සිට භාවිත කරති.
මේ දිනවල උතුරු ප්‍රදේශයේ පවතින දැඩි අව් රශ්මිය නිසා මාර්ග දෙපස තල් කුරුම්බා ගෙඩියක් රුපියල් 100 බැගින් අලෙවි කෙරෙන ආකාරයක්ද දැකිය හැකිය.