ශ්‍රියානි විජේසිංහ –
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීවී අංශයේ පවතින අන්වීක්ෂය නිසිලෙස ක්‍රියාත්මක නොවන බවත් ඒ හේතුවෙන් ජලභීතිකා රෝග පරික්ෂාවන් සිදුකිරිම ප්‍රශ්නකාරී තැනකට වැටී ඇති බවත් පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
ජලභීතිකා රෝගය වැළදී ඇති බවට සැක කරන පුද්ගලයෙකු මිය ගියහොත් එම පුද්ගලයාගේ මොළයේ කොටසක් පරික්ෂා කිරීමේ පහසුකම් ඇත්තේ කොළඹ වෛද්‍ය පර්යේෂණායතනය, පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය හා ගාල්ල කරාපිටිය රෝහල තුළ පමණක් බව මහාචාර්යවරයා පවසයි.
මේ හේතුවෙන් සැක කටයුතු බල්ලෙකු සපා කෑ පසුව යම් පුද්ගලයෙකු මිය ගියහොත් ඔහුගේ මොළයේ කොටසක් පරික්ෂා කර වාර්තාව ලැබෙන තෙක් එම පුද්ගයාගේ දේහය ඥාතීන්ට භාර නොදෙන බව ද හෙතෙම පෙන්වාදේ.
පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ ක්ෂුද්‍රජීවීඅංශයට අන්වීක්ෂයක් ප්‍රධානය කළ හැකි පරිත්‍යාගශීලියෙක් සිටින්නේ නම් එම පරික්ෂණ කඩිනම්න් සිදුකිරීමට හැකියාව පවතින බව පෙන්වාදෙන මහාචාර්යවරයා මේ සඳහා වැය වන්නේ මිලියන 2ක පමණ මුදලක් බවද පවසා සිටියි.