ලලිත් චාමින්ද –
ගාල්ල නුගදුව ප්‍රදේශයේ ආසන දෙදහසක ශ්‍රවනාගාරයක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය සදහා රුපියල් හැත්තෑ එක් කෝටි, අසුපන් ලක්ෂ, අනුනව දහස්, දෙසිය හතලිස් එකක මුදලක් (718,599,241) වෙන්කර ආරම්භ කළත් එම ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අත්හැරදමා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම ශ්‍රවනාගාරය සඳහා මුල්ගල තබනු ලැබුවේ පසුගිය යහපාලන රජයේ පාලන කාලයේ දී ය. ආසන දෙදහසකින් යුත් ශ්‍රවනාගාරය ඉදිකිරීම සදහා 2019 හා 2020 යන වර්ෂවල කෝටි 270ක මුදල් ප්‍රතිපාදන ලබා දී තිබුණි.

(2,700,000,000) ශ්‍රවනාගාරය සදහා මුල්ගල් තැබිමෙන් පසු එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබිය. ඉදිකිරිම් කටයුතු සඳහා 2023 වර්ෂයේ ජුනි මස 14 වැනි දින වන විට රුපියල් කෝටි 71කට වඩා වැඩි වියදමක් දරා තිබුණි. මේ වනවිට මෙහි ඉදිකිරිම් කටයුතු අත්හැරදමා ඇති අතර ඉදිකිරිම් කටු කොහොල්වලට යටවෙමින් ඇත.
මෙම ව්‍යාපෘතිය ඝෝඨාභය රාජපක්ෂ රජයේ පාලන කාලයේ දි අතරමග නතර කර දැමිමට කටයුතු කළ බව ප්‍රදේශවාසිහු පවසති. විගණන වාර්තාවේ සඳහන් ආකාරයට 2022 වර්ෂයේ පෙබරවාරි මස 15 වැනි දිනට කල් ඉකුත් වි තිබු රුපියල් දහතුන් කෝටි, විසි අට ලක්ෂ, හතලිස් තුන් දහස්, අටසිය හතලිස් හතරක් වු (132,843,884) ක් වු කාර්ය සාධන බැදුම්කරයේ දින දීර්ඝ කරගැනිමට හෝ මුදල් කරගැනිමට කටයුතු කර නොතිබුණි.
කොන්ත්‍රාත්කරු විසින් ලබාදුන් අත්තිකාරම් බැදුම්කරයෙහි 2022 ජනවාරි මස 22න් පසු දින දිර්ඝ කර නොතිබුණි.
මේ වනවිට ආපසු අයකර නොගත් අත්තිකාරම් මුදල හතලිස් හත් කෝටි, පනස්තුන් ලක්ෂ, පනස්අට දහස් දෙසිය විසි පහක් බවද (475,358,225) විගණන වාර්තාවේ සඳහන් වේ.







