දිනසේන රතුගමගේ –
යාපනයේ වඩුක්කෝඩෙයි පොලීසියේ සේවය කළ පොලිස් නිලධාරියෙකු ඊයේ (31) පොලීසිය තුළ ඇද වැටී මියගොස් තිබේ.
හදිසියේ එක්වරම බිම ඇද වැටුණු එම නිලධාරියාගේ කටෙන් රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඔහුව යාපනය ශීක්ෂණ රෝහලට රෝහලට ඇතුළත් කරණ විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල භාරතී පාරේ පදිංචි වඩුක්කෝඩෙයි පොලීසියේ සේවය කළ පෙරියසාමී දිවාකරන් නැමති 26 හැවිරිදි පොලිස් නිලධාරියෙකි.
ඔහු මියයන්නට ඇත්තේ හෘදයාබාධයක් වැළදීමෙන් බවට සැක කෙරෙන අතර ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා යොමු කොට ඇත.
වඩුක්කෝඩෙයි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







