අතිශය අනීතික ලෙස මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔහුට බරපතල ලෙස පහර දී තිබුණු ආකාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද මාධ්‍ය හමුවේ හෙළි දරව් කළේය.
පොලිස් අත්අඩංගුවේ පසුවන තරිඳු උඩුවරගෙදර මේ පහර කෑමට ලක් වන්නේ කොළඹ පැවති උද්ඝෝෂණයක් ආවරණය කිරීමට පැමිණ සිය රාජකාරි කරමින් සිටින අතරතුරේදී බව පවසන පුබුදු ජයගොඩ ඔහුට සිදුකළ පහරදීම් නිසා ඔහුගේ යටි තොල පැලී, වම් ඇස ගාව නිල් වී ඉදිමී තිබූ බව කීවේය.
දැඩි අපහසුතාවයකින් සිටි තරිඳු පොලිසියේ පිරිස් පහර දීමේදී ඔහුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට බරපතල ලෙස පහර දුන් බව ප්‍රකාශ කළ බවද පුබුදු ජයගොඩ කීවේය.
පුබුදු මාධ්‍ය අමතා මෙසේත් පැවසීය.
“ ඔහුට ජීප් රථය ඇතුළෙදි පහර දීලා තියනවා. ඔහු නිශ්ඡිතව කිව්වා රණසිංහ නැමැති පොලිස් නිලධාරියා ඔහුට පහර දුන්නා කියලා.”
“ඊට අමතරව 306648 අංකය සහිත නිලධාරියා ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීලා තියනවා. ඔහුගේ යටි තොල පැලිලා. දකුණු ඇහැ අසල ඉදිමිලා නිල්පාට වෙලා තියනවා. ඊට අමතරව ඔහුගේ ලිංගික ඉන්ද්‍රියන්ට බරපතල ලෙස පහර දීලා තියන බව ඔහු ප්‍රකාශ කළා.”
“මේ විදිහට කරන්න බෑ පොලිසියට. ඔවුන් අපට කියනවා නීති කඩනවා කියලා. ඔවුන් නීතිය අතට අරන් තිරශ්චීන විදිහට නිති කඩනවා. පොලිසිය නීතිය දන්නෙ නෑ,
“අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට කොහොමද පොලිසිය ජීප් එක ඇතුළෙදි ගහන්නෙ. එහෙම කරන්න බෑ, ගහනකොට කියලා තියෙන්නේ උඹ ඕන තැනකට පලයන්. අපි උඹට ගහනවා කියලා. එහෙම කියලා තමයි ගහලා තියෙන්නේ. “
“ තරිඳුව අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරන්න කියලා අපි නීතිඥයන් හරහා පොලිසියට දැනුම් දුන්නා. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කරනවා.”
“තරිඳුට එරෙහිව කිසිම චෝදනාවක් නෑ, ඔහු උද්ඝෝෂණ සංවිධානය කළා කියලා ඔහුට චෝදනා කරන්න ද?. ඒකත් චෝදනාවක් නෙමෙයි. එහෙම චෝදනාවක්වත් ඔහුට කරන්න බෑ. ඔහු මාධ්‍යවේදියෙක් විදහට මේ උද්ඝෝෂණ රූගත කරමින් හිටියේ. “
“ ඔහුව හෙට අලුත්කඩේ අංක දෙක දරන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනවා කියලා පොලිසියේ ඕඅයිසී මහත්තයා කිව්වා. මොකක්ද ඔහුට විරුද්ධව එල්ල කරන්න යන චෝදනාව කියලා අපි දන්නේ නෑ.”
“උද්ඝෝෂණයක් තිබුණා කොළඹ. ඒ උද්ඝෝෂණය වාර්තා කිරිම ද වරද. ඒ උද්ඝෝෂණයේ සජීවී දර්ශන සමාජ මධ්‍ය ඔස්සේ ලබා දීමද ඔහුට එරෙහිව තියන අපරාධය. මේ පොලිසියේ හැසිරීම ඉතාම බරපතල ප්‍රශ්නයක්.”
පුබුදු ජයගොඩ කීවේය. ඔහු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.