ලලිත් චාමින්ද –
-
මින් පෙරත් ෂෙඩ් වලින් ඉන්ධන පුරවාගෙන මුදල් නොදී පලා ගිහින්… බීමත් රුසියානුවා අත් අඩංගුවට පත්වනවිට තමන් පෙරූ කසිප්පු ලීටර 12ක් වාහනයේ…
හබරාදුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථය සඳහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලායමින් සිටි රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදිවියේ පසුවන රුසියානු ජාතිකයෙකි. මෙකී රුසියානු ජාතිකයා මිට දින පහකට පමණ ඉහතදීත් මෙකී ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ තම මෝටර් රථය සඳහා ඉන්ධන ලබාගෙන මුදල් නොදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මේ වතාවේදීත් මොටර් රථය සඳහා ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලයමින් සිටියදි පොලිසියට ලද තොරතුරකට අනුව හබරාදුව පොලිසියේ නිලධාරින් මොහු පසුපස හඹාගෙන ගොස් සැකකරු මෝටර් රථය සමග අත්අඩංගුවට ගෙන ඇත.
රුසියානු ජාතිකයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු බිමතින් සිට ඇති අතර රියදුරු බලපත්‍රය ද නොතිබු බව පොලිසිය පවසයි. මොහුගේ මෝටර් රථය තුළ තිබි නීති විරෝධිමත්පැන් ලිටර් 12ක්ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
රුසියානු ජාතිකයා විසින්ම නිති විරෝධිමත් පැන් පෙරා ඇති බව පොලිසිය පවසයි. මොහු මේ අයුරින් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගෙන මුදල් නොදි පලාගොස් ඇද්ද යන්න පිළිබද පොලිසිය විමර්ශන ආරම්භකොට ඇත.
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුනුවිල බණ්ඩාර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.







