සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 15ක ආයෝජනයකින් ජාත්‍යන්තර ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාරයක් පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමක්!

by editor
ජූලි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) පෙරවරුවේ අත්සන් තැබිණි.

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) මඟපෙන්වීම යටතේ සිදු කෙරෙන ඩොලර් මිලියන 15ක් වන මෙම ආයෝජන ව්‍යාපෘතිය සඳහාවන අවබෝධතා ගිවිසුමට ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනය වෙනුවෙන් එහි නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් (Prof. Hans Keirstead) සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතනය වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය සමිත හෙට්ටිගේ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අමාලි රණසිංහ අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, කෘෂි, රූපලාවණ්‍ය සහ ආයුර්වේද ඇතුළු බොහෝ ක්ෂේත්‍ර සඳහා මෙන්ම ආනයන සහ අපනයන ක්ෂේත්‍රයන්හි පරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය සහිත රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව කලක සිට පැවතුණි.

මෙම අවස්ථාවට එක් වූ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අද දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන බවත් ප්‍රතීතනය යන්න රටකට ඉතා වැදගත් වන්නක් බවත් පැවසීය.

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

වසර 2030 වන විට මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීම සඳහාවන රජයේ අරමුණ කරා යාමේදී මෙවන් ප්‍රතීතන පහසුකම් සහිත රසායනාගාර ව්‍යාපෘතියක වැදගත්කම උඩුගමසූරිය මෙහිදී අවධාරණය කළේය.

දිවයින පුරා මේ වනවිට පවතින රසායනාගාර සමඟ එක්ව ප්‍රධාන රසායනාගාරයක් ලෙස කටයුතු කරමින් විවිධ ක්ෂේත්‍රයන්හි භාණ්ඩ සහ සේවාවල තත්ත්වය තහවුරු කිරීම මෙම රසායනාගාරය මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

මෙවැනි රසායනාගාර ධාරිතාව ඉහළ නැංවීම ආදි විද්‍යාත්මක ක්ෂේත්‍රයේ සංවර්ධන අවශ්‍යතා හඳුනා ගැනීමට තරම් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ වත්මන් නායකත්වය පිළිබඳව තමන් සතුටු වන බව මෙහිදී පැවසූ STEMedical ආයතනයේ නිර්මාතෘ මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් මෙම ව්‍යාපෘතිය මගින් මෙරටට සායනික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන්ද බොහෝ ප්‍රතිලාභ අත් වනු ඇති බවද පැවසීය. විශේෂයෙන්ම ආර්ථික විශේෂඥයින්ගේ අවධානයද මෙරටට යොමු වනු ඇති බවත්, අප රටෙහි පමණක් නොව වෙනත් රටවලද ‌ඖෂධ වැනි දෑ ප්‍රතීතනය සඳහා මෙරටට යොමු කිරීමෙන් ආදායම් උත්පාදනය වනු ඇති බවත් හාන්ස් කීර්ස්ටෙඩ් මෙහිදී සඳහන් කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයෙහි නිර්මාතෘ වන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් ජාත්‍යන්තරව පිළිගත් මූලික සෛල (Stem cells) විශේෂඥයෙකි. එසේම, ඇමරිකා එක්සත් ජනපදයේ පුනර්ජනනීය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ පිළිගත් ව්‍යවසායකයෙකි. මේ වන විට ගෝලීය මානව ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියෙහි (Human Immunome Project) ප්‍රධාන විධායක නිලධාරි තනතුර දරන මහාචාර්ය හාන්ස් කීර්ස්ටෙඩ් ඩිස්කවර් සඟරාවේ ලොව ප්‍රමුඛතම විද්‍යාඥයින් 100දෙනා අතර සිටින විද්‍යඥයකු වීමද විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයෙහි (NIRDC) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත සෙනරත් යාපා, ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිස්ටර් ගේබ්‍රියල් ලෝන් (Dr. Nistor Gabriel Loan) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දින සිට රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කරයි!

Next Post

සජිත්ට තවත් කේස් එකක්… විවෘත කරලා තියෙන්නේ ව්‍යාපෘති 367යි… ප්‍රචාරණ වියදම රුපියල් මිලියන 523.6 යි…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.