කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 6ක තොගයක් මේ වන විට වෛද්‍ය ආයතනයන් හී ගබඩාවන් තුල තැන්පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනගහණයෙන් වයස අවුරුදු 20ට වැඩි ඉලක්ක ගත කණ්ඩාය මිලයන 14ක් වන අතර ඉන් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 8 ක ප්‍රමාණයක් බැවින් ඉතිරි මිලියන 6ක ප්‍රමාණය බූස්ටර් එන්නත ලබා ගෙන නොමැති බවද අප කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.
ලබන ජූලි මාසය අවසන් වීමත් සමග එන්නත් කල් ඉකුත්වන බැවින් වහාම එන්නත ලබා නොගත්පුද්ගලයින් එන්නත ලබාගැනීමටකටයුතු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දැනට රට තුළ පවතින විරෝධතාවන් සහ සිංහල අවුරුද්දට ගම්බිම් බලා යන පීරිස විශාල වශයෙන් පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීම හා සාප්පු සවාරි යාම හේතුවෙන් යටපත්ව ඇති රෝග නැවත හිසඑසවිය හැකි යැයිද සෞඛ්‍ය අංශය මේ වන විට අනතුරු අගවා ඇත.







