ගණේමුල්ලේ සංජීවගේ සමීපතමයෙක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී හිඳිමින් ඩුබායි රාජ්‍යයේ මෙතෙක් සැඟවී සිටි ජාත්‍යාන්තර රතු වරෙන්තුකාර අපරාධකාරයෙක් වූ දිප්පිටිගොඩ ළහිරු මේ වනවිට ජපානයට පැන සිටින බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.
ඔහු ජපානයට පැමිණ ඇත්තේ ජපානයේ උසස් අධ්‍යාපනය සඳහා පැමිණ සිටින ඔහුගේ පෙම්වතිය යැයි කියැවෙන තැනැත්තිකගේ භාරකරු ලෙස බව ද ජපානයෙන් නිකුත් කරන අවසර පත්‍රයේ සඳහන්ව ඇත්තේ එසේ බව ද එම ආරංචි මාර්ග කියයි.
ඔහු සතුව මේ වනවිටත් නම් දෙකකින් පාස්පෝට් දෙකක් ඇති බව ද එම පාස්පෝට් සකස් කරගැනිම සඳහා ආගමන විගමන නිලධාරීන් වෙත මිලියන ගණන් වැය කර ඇති බව ද දැනගන්නට ඇත.
දිප්පිටිගොඩ ලහිරු මෙන්ම රටින් පැනගොස් සැඟවී සිටින තවත් අපරාධකරුවන් සිවු දෙනෙක් ජපානය තුළ ව්‍යාපාරික වීසා සහිතව ව්‍යාපාර ආරම්භ කර ඇති බව ද එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
කෙහෙල්බද්දර පද්මේ වෙනුවෙන් හොර පාස්පෝට් තැනු ආගමන විගමන නිලධාරියෙක් දැනට ඉන්නේ බන්ධනාගාරයේය. එමෙන්ම මහජන ආරක්ෂ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල වරෙක ප්‍රකාශ කළේ තමන් ධූරයේ වැඩ භාරගත් දිනම හොර පාස්පෝට් 15ක් නිකුත් වී ඇති බවය.
එම පාස්පෝට් සම්බන්ධව මේ වනතුරුත් විමර්ශනයක් වන ආකාරය පිළිබඳව දැනගන්නට නැත.







