ලංකාවේ මුල්ම කාන්තා නියෝජ්‍ය පොලිස්පති වූ බිම්ෂානි ජයසිංහ ආරච්චිගේ ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් රුවන් ගුණසේකර, ජාලිය සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙක් ශ්‍රේෂ්ඨාධීකරණයට ඉදිරිපත් කළ පෙත්සම හෙට විභාගට ගැනීමට නියමිතය.
පසුගිය 2020.10. 08 දා බ්‍රහස්පතින්දා ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණයකට අනුව ලංකාවේ මුල්මනියෝජ්‍යපොලිස්පති ධුරයට පත් බිම්ෂානි ජාසිංආරච්චි සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරයි.
මෙතෙක් නිල ධුරාවලියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොතිබුණු බවත්, පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ජාතික පොලිස් කොමිසම විසින මෙම පත්කිරීම කර ඇත්තේ සම්මත පටිපාටිය උල්ලංඝණය කරමින බවත් මෙම ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරු 14 දෙනා මින් පෙර ප්‍රකාශ කර තිබිණි.
මෙම පත්වීමෙන් අගතියට පත් වූ බව පවසමින් ඔවුහු ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුහ.
එම පෙත්සම හෙට විභාගයට ගැනීමට නියමිතය.