පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබා සිටින බැවින් ඇයට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බව ආගමන විගමන පාලකවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් දන්වා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ලිපියේ සඳහන් වූයේ ඩයනා ගමගේ 2004 වසරේ සිට එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ඇති බවය. ඇය සතුව එක්සත් රාජධානියේ විදේශ ගමන් බලපත්‍ර අංක 521398876 හිමිව ඇති බවත් ඔහු දන්වා ඇත.
“කෙසේ වෙතත් ඇය 2014 ජනවාරි 24 දින N 5091388 දරන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සමත් වී ඇත. ඇය 2018 නොවැම්බර් 5 වන දින රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ද ලබාගෙන තිබේ. ඇය එක්සත් රාජධානියේ පුරවැසිභාවය අතහැර දැමූ බව සානාථ කරන ලියැවිල්ලක් ඉදිරිපත් කර නැති බැවින් ඇය වෙනුවෙන් නව රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කළ නොහැක ,” ආගමන විගමන පාලකවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කරන ලද වීසා ඉල්ලුම්පත්‍රවල ලේඛන ද පාලකවරයා විසින් එම ලිපියට අමුණා තිබේ.
ඩේලි මිරර් –