සමගි ජන බලවේගය තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) දිනයේ තීන්දු කළේය.
ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම ජුනි මස 8 වැනිදා විභාගයට ගැනීමට නියම කෙරිනි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තමන් ගත් තීරණයත් සමඟ තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා දැමූ බව රාජ්‍ය ඇමතිනී ගමගේ සිය පෙත්සමෙන් ප්‍රකාශ කළාය. ඇය කීවේ පක්ෂයෙන් නෙරපීමට පෙර තමන් සම්බන්ධව විනය පරීක්ෂණයක් හෝ නොතැබූ බවය.