බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩඩ්ලි කැමතිනම් 140ට වී කිලෝ එක ගන්න පුලුවන්… හැබැයි විකුණන්න වෙන්නේ සහල්වල පාලන මිලට… නිවාස නියෝජ්‍ය ඇමති කියයි!

by editor
පෙබරවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

රජය වී සඳහා සහතික මිලක් නියම කර තිබියදී පොළොන්නරුවේ, ප්‍රකට සහල් ව්‍යාපාරිකයෙක් වන ඩඩ්ලි සිරිසේන වී කිලෝවක් රුපියල් 140 කට මිලදී ගන්නා බවට, මාධ්‍යයට ප්‍රකාශයක් සිදුකර ඇති බවත්, එම මිලට වී මිලදී ගත්තද කිසිදු ලෙසකින් ඔහුට සහල් පාලන මිල ඉහළ දමා පාරිභෝගිකයා තවදුරටත් අමාරුවේ දැමීමට ඉඩ නොතබන බව, නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ටී.බී. සරත් සඳහන් කළේය.

වත්මන් රජය ඉදිරි වසර පහ කාලය තුළ වෙනස් නොවන බවත් ,ඊළඟ වසර පහද දිනන්නේ ජාතික ජන බලවේගය බවත්, එය කිසිවෙකුට වෙනස් කිරීමට නොහැකි බවදත් නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

ඊයේ (10) පොළොන්නරුව වැලිකන්ද රුහුණුකෙත ගම්මානය වටා මහවැලි පුනරුද සතියට සමගාමී අලි වැටක් ඉදිකිරීමේ අවස්ථාවට එක්ව මහජනතාව අමතමින් නියෝජ්‍ය ඇමතිවරයා ඒ බව කීවේය.

නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මෙසේද පැවසුවේය.

” රජය රුපියල් 120 ක සහතික මිලක්, වී කිලෝවකට දීලා තියෙනවා. අපේ රජය වී කිලෝවක නිෂ්පාදන මිල රුපියල් දහතුනකින් අඩු කරලා තියෙනවා. වී කිලෝවක් නිෂ්පාදන වියදම තිබුනේ රුපියල් 100 කට. අපේ රජය 87 දක්වා ඒක අඩුකළා.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒ වගේම අපි වී කිලෝවක රුපියල් 105 ට තිබුන සහතික මිල රුපියල් 120 දක්වා වැඩි කළා. හැබැයි දැන් විවිධ පුද්ගලයන් විවිධ සංවිධාන ප්‍රකාශ කරන්න පටන් අරන් තියනවා සහතික මිල රුපියල් 140 ක් කරන්න කියලා. මේ රටේ ප්‍රබලම සහල් ව්‍යාපාරිකයා ඩඩ්ලී සිරිසේන මහතත් ප්‍රකාශ කර තිබෙනවා සහතික රුපියල් 140 කරන්න කියලා. අපි අහනවා එහෙම වුණොත් මේ රටේ සහල් පාරිභෝගිකයා සහල් කන්නේ කීයටද කියලා. එකසිය හතලිහ නෙමෙයි දෙසිීය කරන්නත් පුළුවන්. හැබැයි ඒ අය සහල් වලටත් මිලක් ඉල්ලනවා.

වී කිලෝවකට අපි මේ මිල කියලා තියෙන්නෙ නිෂ්පාදකයයි, වී ගොවියයි, සහල් පාරිභෝගිකයයි ගැන හිතලා. අපේ රටේ ගොවි ජනතාවත් දැන් පෙලඹිලා ඉන්නවා ප්‍රමිතියෙන් යුතු සහල් පාරිභෝජනය කරන්න. ඒ නිසා මේ රටේ භාණ්ඩයක මිල තීරණය විය යුත්තේ රටේ පුරවැසියාට මිලදී ගැනීමට පවතින හැකියාව මත.

අපි ගොවි ජනතාවට ලාභ අරන් දියයුතු වන්නේ ගොවිජනතාවට වී කිලෝවට යන නිෂ්පාදන වියදම අඩු කරලා. නිෂ්පාදනයේ ඵලදා වැඩිකරලයි. තව කන්න දෙක, තුනක් යනකොට අපි ඒකට වැඩ පිළිවෙළක් සිදුකරනවා. ඒ සඳහා නව පොහොර වර්ග, බීජ වර්ග හඳුන්වාදීමට කටයුතු කරනවා, නව තාක්ෂණය හඳුන්වා දීලා තෙල් පොහොර සඳහා යන වියදම අඩු කිරීම තමයි අපේ අරමුණ. නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

T56 සමග අතුරුදහන්වුන ආධුනික කොස්තාපල්ගේ අම්මයි තාත්තයි අත් අඩංගුවට… රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම අරඹයි!

Next Post

ජනපතිගේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේ දෙවැනි දිනය අද… කාර්ය බහුල දවසක්….

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.