ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වීම සඳහා කණ්ඩායම මැලේසියාව බලා පිටත්ව යාමට දින හයකට පෙර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්නට කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඒ සමඟ ඔහු වෙනුවට ඔහුගේ සහය පුහුණුකරු ලංකා සිල්වා පත් කිරීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන ඇත.
“ඉරිදා හෂාන් කොවිඩ් පොසිටිව් වීම ඉතා අවාසනාවන්තයි. අපි ජනවාරි අට වැනිදා (ඉරිදා) මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතයි. එබැවින් ඔහුට සහභාගි වීමට නොහැකි නිසා හෂාන් වෙනුවට පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ලංකා සිල්වා පත් කිරීමට කළමනාකාරිත්වය තීරණය කර ඇත. ”ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ මූලාශ්‍රයක් පැවසීය.
මැලේසියාවේ පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් බර්මින්හැම්හි (එංගලන්තයේ) පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පිවිසීමේ ලොකුම අවස්ථාව අපට තිබේ,” ඉහත මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් තිලකරත්නගේ වත්මන් තත්ත්වය ස්ථාවර බව පැවසේ.