දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානය සඳරහා නියමිත ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය අම්පාර නාවිදන්වේලී ප්‍රාදේශීය සභාවේ සභාපති තවරාසා කලෙයිඅරසන් මහතාට ලබා දීමට දෙමළ ජාතික සන්ධානය 9 දා තීරණය කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය මේ බව තීරණය කිරීමෙන් පසුව ඔහුගේ නම මැතිවරණ කොමසාරිස් කාර්යාලයට යැවීමට පියවර ගත් බවත් දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය අම්පාරේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කළ බවත් දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.