දිනසේන රතුගමගේ:
කිළිනොච්චිය උරුතිරපුරම් ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් කාන්තාවකට පහර දීම නිසා එම කාන්තාව බරපතල ලෙස තුවාල ලබා 21 දා රාත්‍රී කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
මැතිවරණයේදී කාන්තාව වෙනත් දේශපාලන පක්ෂයක පිරිසකට ආධාර කිරීම නිසා ඒ සම්බන්ධයෙන් වූ බහින්බස් වීමකදී මේ පහරදීම සිදුව තිබේ.
මේ පිළිබදව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව හිටපු මන්ත්‍රීවරයාගේ රියදුරු ඇතුලුව තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.