ගර්භනී මව්වරුන් අතර සම රතුවී දහඩිය බිබිලි මෙන් කුඩා බිබිලි මතුවී ඇඟ කැසීමේ තත්වයක් පවතින්නේ නම් වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමුව ප්‍රතිකාර ලබා ගන්නැයි කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට සඳහන් කරයි.
එය ටීනියා පෙඩිස් රෝගය විය හැකි බවත් රෝගයට ගොදුරුවන පිරිස ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනඅතර ගර්භනී මව්වරුන්ද රෝගයට ගොදුරුවන පිරිස අතර සැලකිය යුතු මට්ටමකින් සිටින බව විශේෂඥවරිය පවසයි.
බැවින් කිහිලි , ඉකිලි ආදී ප්‍රදේශයන් ඇතුලු සිරුර තදබල ලෙස කැසීමට ලක්වන්නේ නම් හිතුමතේ ආලේපන භාවිත නොකරන්නැයිද එයින් රෝගය උත්සන වනු ඇති බවද ඇය පෙන්වාදේ.
ගර්භනී මව්වරුන්ට බොහෝ විට මුඛ මාර්ගයෙන් ගන්නා ඖෂධ නොදෙන නමුත් ටීනියා පෙඩිස් රෝග තත්තවය උත්සන්න වී ඇති රෝගීන්ට දැන් මුඛයෙන් ලබා ගන්නා ඖෂධ පවා නිර්දේශ කිරීමට සමේ රෝග විශේෂඥයින්ට සිදුව ඇති බව වෛද්‍යවරිය කීවාය.
මෙම රෝගය කුස තුළ සිටින දරුවාට බලපෑම් ඇති කරනුයේ දරුවා ඉපදුණු පසුව බැවින් ගර්භනී කාලයේදී නිසි ප්‍රතිකාරයන් ලබාගෙන රෝගය නිට්ටාව සුව කර ගන්නැයි ඇය ඉල්ලීමක් කරයි.
රෝගයට නිසි වෛද්‍ය උපෙදස් ලබා නොගෙන හිතුමතේට ආලේපනයන් භාවිත කිරීම හේතුවෙන් මේ වන උත්සන වූ රෝග තත්ත්වයන් සහිත රෝගීන් හමුවන බවත්, ජාතික රෝහලේ සමේ රෝග සායනයට පැමිණෙන රෝගීන්ගෙන් සියයට 20ක් පමණම ටීනියා පෙඩිස් රෝගයට ගොදුරු වූවන් බවත් ඇය පවසා සිටියි.







