ටිබෙටය මේවන විට ලොව විශාලතම කළු හයිලන්ඩ් බාර්ලි රෝපන පදනම බවට පත්ව ඇති බවට මේවන විට අනාවරණය වේ ඇත.
ලොව දූර්බල සහ වටිනාකමින් ඉහළ ඛණිජ වලින් පිරී තිබෙන ටිබෙටය කළු හයිලන්ඩ් බාර්ලි සම්බන්ධයෙන් සුවිශේෂී රාජ්‍යක් බවට පත්ව තිබේ. ඒ අනුව විසින් ලොව විශාලතම කළු හයිලන්ඩ් බාර්ලි රෝපණ පදනම ලෙස ජාත්‍යන්තර වශයෙන් තහවුරු කර ඇති බවද නවතම වාර්තාව පවසයි.
කළු හයිලන්ඩ් බර්ලි යනු ලොව ඇති සුවිශේෂී උස්බිම් බාර්ලි ප්‍රභේදයක් වන අතර එය මීටර් 3,800 සිට 4,200 දක්වා උන්නතාංශයක වර්ධනය වන බවද වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර 2018 දී චීන රජය විසින් එම කලාපය තුල රන් රිදී වැනි වටිනා ලෝහ කැණීම සඳහා මහා පරිමාණ ආයෝජන දියත් කළේය. ඩොලර් බිලියන 60කට අධික වටිනාකමකින් යුත් අති දුර්ලභ ඉහළ වටිනාකමින් යුත් ඛණිජ ද එහි තිබී හමුවී ඇති බවට පර්යේෂණ වලින් අනාවරණය වීමත් සමඟ මෙම කැනීම් සිදුවිය.
ඉන්දියානු දේශ සීමාවට ආසන්නයේ පිහිටි ටිබෙට් මායිම් කලාපයට පෙර නොවූ විරූ ලෙස මිනිසුන් ගලා ඒමට මෙම ඛණිජ ප්‍රබල හේතු වී ඇති බවද අනාවරණය වේ.
2019 දෙසැම්බර් 30 වැනි දින සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තාවකට අනුව, ඉන්දියාව (අරුනාචල් ප්‍රදේශ්) සමඟ මතභේදයට තුඩු දී ඇති දේශසීමාවට හිමිකම් කීම සහ එම කලාපය “තවත් දකුණු චීන මුහුදක්” බවට පත් කිරීමේ චීනයේ සැලසුම ලෙස මෙය සැලකේ.