වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කර එම රාජ්‍ය නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිය අල්ලාගෙන එක්සත් ජනපදයට රැගෙන විත් දිනකට පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කියුබාවට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි NBC ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
එම ප්‍රවෘත්ති සේවය පවත්වාගෙන යන “Meet the Press” වැඩසටහනට එක් වෙමින් රුබියෝ පැවසුවේ “ඔවුන් බොහෝ කරදරවල සිටිනවා” යැයි තමා සිතන බවය.
“ඔවුන් සම්බන්ධයෙන් අපගේ අනාගත පියවර මොනවාද සහ අපගේ ප්‍රතිපත්ති මොනවාද යන්න ගැන මම ඔබ සමඟ කතා කරන්නේ නෑ,” රුබියෝ පැවසීය. “නමුත් අපි කියුබානු පාලන තන්ත්‍රයට විශාල කැමැත්තක් නැති බව අභිරහසක් යැයි මා හිතන්නේ නෑ. ඔවුන් මදුරෝට සහාය දුන් අයයි.”
රාජ්‍ය ලේකම් රුබියෝ කියුබානු නිලධාරින්ට දැඩි අනතුරු අඟවමින් නවතම ප්‍රකාශය කරන්නේ ඔහු සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙනසුරාදා (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ට්‍රම්ප් පරිපාලනය ඊළඟට කියුබානු රජය ඉලක්ක කර ගැනීම ආරම්භ කළ හැකි බවට සංඥා කිරීමෙන් පසුවය.
සෙනසුරාදා ට්‍රම්ප් කියුබාවේ තත්වය වෙනිසියුලාවේ තත්වයට සංසන්දනය කරමින් වාර්තාකරුවන්ට මෙසේ පැවසීය, “කියුබාව කියන්නේ අපි අවසානයේ කතා කරන දෙයක් වනු ඇතැයි මා සිතනවා. මන්ද කියුබාව දැන් අසාර්ථක ජාතියක්, ඉතා අසාර්ථක ජාතියක්, අපි ජනතාවට උදව් කිරීමට කැමතියි.”
“ට්‍රම්ප් ජනාධිපතිවරයා තවදුරටත් මෙසේ පැවසීය, “කියුබාවේ ජනතාවට උදව් කිරීමට අපට අවශ්‍ය වන්නේ කියුබාව වෙනිසියුලාවට බෙහෙවින් සමාන නිසා. එමෙන්ම කියුබාවෙන් බලහත්කාරයෙන් පන්නා දැමූ සහ මේ රටේ ජීවත් වන ජනතාවටද උදව් කිරීමට අපට අවශ්‍ය යි.”
ට්‍රම්ප් සෙනසුරාදා මේ කතාව කී පසු ඉරිදා රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැඩිදුරටත් පැවසුවේ මදුරෝ අල්ලා ගැනීමට පෙර කියුබානු නිලධාරීන් මදුරෝට ආරක්ෂාව සපයමින් වෙනිසියුලාවේ සිටි බවය.
“මදුරෝ ආරක්ෂා කළේ කියුබානුවන්” යැයි රාජ්‍ය ලේකම් ““Meet the Press” වැඩසටහනේ දී කිවේය. “ මධුරෝව වෙනිසියුලානු ආරක්ෂකයින් විසින් ආරක්ෂා කළේ නෑ. ඔහුට කියුබානු ආරක්ෂකයින් සිටියා. ද්‍රෝහීන් නොමැති බව සහතික කර ගැනීම සඳහා ඇතුළත සිටින අය ගැන ඔත්තු බලන කියුබානු නිලධාරීන් ද හිටියා. මදුරෝ ගේ රජයේ අභ්‍යන්තර බුද්ධි අංශය භාරව හිටියේ කියුබානු ආරක්ෂකයින්. ඒ සියල්ලෝම කියුබානුවන්” යැයි රාජ්‍ය ලේකම් පැවසීය.
කෙසේ වෙතත් මේ වනතුරුත් කියුබාව ඇමරිකාවේ ප්‍රකාශවලට පිළිතුරු සපයා නැත. ( NBC )







