සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ.වි.පෙ ඉතිහාසයේත් සැඟවී සිට අවසන් ගමන් යන ජ.වි.පෙ. මුල්ම පූර්ණකාරීන කාර්ඩවරිය…

by editor
අගෝස්තු 28, 2025
in පුවත්
කමනි
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

කමනී අක්කා නික්ම ගොසිනි. මවිසින් ඇය එසේ හැඳින්වූවාට කිසිවකු ඇය ගැන නොදන්නා බවත් නිසැකය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම කාන්තා පූර්ණකාලීන සාමාජිකාවන් දෙදෙනාගෙන් එක් අයකු වූයේ කමනි අක්කාය. එසේම ඇය කොළඹ නගර සභාවේ සේවය කළ ආනන්ද දේශප්‍රිය, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වූ සුනන්ද දේශප්‍රිය හා මෙරට පරිපාලන නිළධාරියකු වූ වසන්ත දේශප්‍රියගේ සොහොයුරිය ය.

කමනී අක්කා නිකම්ම නිකම් ගැහැණියක නොවේ. ඇය  ජීවිතය සමග දුෂ්කර අභ්‍යාසයක නිරත වූ දේශපාලනික ගැහැණියකි. ඇයට සිහිනයක් තිබුණි. ඒ මෙරට අනේක විධ දුක් කරදර විඳින පීඩිත පංතිය ඉන් ඉහළට ඔසවා තැබීම  පිළිබඳවය. ඒ නිසාම මේ සමාජ ක්‍රමය දේශපාලනිකව වෙනස් කිරීමේ අවශ්‍යතාව ඇය හඳුනා ගත්තේ පාසැල් අධ්‍යාපනයේ නිරත වයස අවුරුදු 17 ක තරුණියකව සිටිද්දීය. ඇය ඒ සඳහා වූ ගමන් මග ලෙස තෝරාගත්තේ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය ය.

කමනී අක්කාගේ පියා අම්බලන්ගොඩ ජීවත්වූ කොමියුනිස්ට් කාරයෙකි. විදුහල්පති වරයෙකි. ඔහු වඩුගේ පියසේන ඉස්කෝලෙ මහත්තයාය. සඳහන් කරනවා නම් ජනතා විමුක්ති පෙරමුණ නම් පක්ෂය නිර්මාණය කිරීමට නන්දසිරි විජේවීර තරුණයා තුළ අදහසක් ඇති කෙරුවේ මේ පියසේන ඉස්කෝලෙ මහත්තයාය.

ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ අදහස මුලින්ම ඇතිවූ ආකාරය ගැන සඳහනක් විජේවීර සහෝදරයා ඇතුළු පක්ෂයේ මුල්ම සාමාජිකයන් හතර දෙනා අතර සිටි පියසිරි ගුණරත්න විසින් රචනා කරන ලද “මගේ මතක සටහන් ජනතා විමුක්ති පෙරමුණ සහ  අප්‍රේල් කැරැල්ල” නම් ස්වයං චරිතාපදාන කෘතියේ දැක්වේ.

“.අපගේ ගෙදරින් රාත්‍රී ආහාරය ගෙන අපි පියසේන සහෝදරයාගේ නිවසට ගියෙමු. එවකට ඔහු පදිංචිව සිටියේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල කියන ගමේ ඇල්පිටිය පාරට මුහුණලා තිබුණ නිවසකය. පියසේන සහෝදරයාගේ බිරිඳද ඉතා සුහද ශීලී කාන්තාවක වූ ඇන්ටි නෝනා මහත්මියයි. ටික වේලාවක් කතා කර කර සිට පියසේන සහෝදරයාට අප ආ කාරණය කීවෙමු. පසුව පැදුරු කිහිපයක් ගෙන ගෙයි ඉදිරිපස කොටසට පැමිණ දොර වසාගෙන නිදා ගන්නා ලෙස ඔහු බිරිඳට හා දරුවන්ට කීවේය. අප එදා එළිවෙන තුරුම සාකච්ඡා කෙරුවෙමු. අද රටේ තත්ත්වය හා ලංකාවේ වාමාශිංක පක්ෂ ක්‍රියා කරන ආකාරය ගැන හොඳ විස්තරයක් ඔහු ඉදිරිපත් කෙරුවේය. ඔහු නොමියුනිස්ට් පක්ෂයේ සිට චීන පිලට ආවේත් එම පක්ෂය විප්ලවවාදී ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් බව පැවසීය. ඒ ඒ රටවල විප්ලවය සිඳු වූ ආකාරයත් , ඒ ඒ රටවල එවකට තිබූ සමාජ ආර්ථික තත්වයත්  පියසේන සහෝදරයා විස්තර කළේය. බටහිර යුරෝපයේ මැද පෙරදිග, අග්නි දිග ආසියාවේ හා ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂවල තත්ත්වය හා කොංගෝවේ ලුලුම්බා සහෝදරයාට වූ දෙයත්  එම පැහැදිලි කිරීම් වලට ඇතුළත් විය. අද රටේ පවතින තත්ත්වය අනුව ධනපති ක්‍රමය විනාශ කර සමාජවාදය ගොඩ නැගීම සඳහාවන පක්ෂයක්  සමාජයේ හිඩැසක් ලෙස පවතින බව  ඔහු අපට හඳුන්වා දුන්නේය…”

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

විජේවීර සහෝදරයාට ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීමට අදහසක් ඇති වන්නේ මේ සාකච්ඡාවෙන් පසුවය. ඒ අදහස ඔහු තුළ ඇති කරවන්නේ ද පියසේන ඉස්කෝලෙ මහත්තයාය.

එම සාකච්ඡාවට සනත් විතානච්චි , සිරිල් දහනායක, පියසිරි ගුණරත්න හා විජේවීර සහෝදරයා සහභාගිවී තිබේ.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ අක්මීමන කඳවුර ලෙස සඳහන්ව ඇති එම පක්ෂයේ පළමු දේශපාලන කඳවුරේ පැවැති දේශපාලන සාකච්ඡා මෙහෙයවා ඇත්තේ පියසේන ඉස්කෝලෙ මහත්තයාය. පියසිරි ගුණරත්න සිය ස්වයං චරිතාපදානයේ  ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.

” මෙම සාකච්ඡාවේදී විශේෂ සිදුවීමක් විය. එනම් එහි සිටි වයස්ගතම සහෝදරයා වූයේ සානච්ඡාව මෙහෙයවූ පියසේන සහෝදරයා වීමත් මෙම සාකච්ඡාවට සහභාගි වූ ළාබාලම සහෝදරයා (පසුකලෙක) බදුල්ල දිස්ත්‍රික් ලේකම් වරයා ලෙස කටයුතු කළ සුනන්ද දේශප්‍රිය සහෝදරයා පියසේන සහෝදරයාගේ පුත්‍රයා වීමත් දෙදෙනා සහභාගිවන බව දෙදෙනා දැන ගෙන නොසිටීමත්ය.”

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනික ක්‍රියාකාරිත්වය ඇරඹීමත් සමගම එහි ළාබාලම නායකයා වූ සුනන්ද දේශප්‍රිය බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විය.

සිය සහෝදරයා සමග බදුල්ල දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන කටයුතු සඳහා කමනි අක්කාද නිවසින් පිට වූවාය. කමනි අක්කා ඒ වන විටත් ධර්මාශෝක විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ වයස අවු 17 ක හිරිමල් වියේ පසුවූ තරුණයක වූවාය. ඇය සමග පක්ෂයේ සංවීධාන කටයුතු සදහා ඇයගේ මිතුරියක වූ සහම්පතී අබේසේකරද සම්බන්ධ විය.

සැබැවින්ම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම පූර්ණකාලීන සාමාජිකාවන් දෙදෙනා මෙි දෙදෙනාය. මේ දෙදෙනාගේ  විශේෂත්වය වූයේ සිය ගම් ප්‍රදේශයෙන් පිටත වෙනත් දිස්ත්‍රික්කයක ජවිපෙ දේශපාලන සංවිධාන කටයුතු වලට නිරත වීමය. නිවසින් අතුරුදන් වූ කමණි අක්කා ගැන කිසිම තොරතුරක් ගෙදරට පවා දැන ගැන්මට නොතිබුණි.

පියසේන  ඉස්කෝලෙ මහත්තයාට ඇය නැවත හමුවන්නේ ජනතා විමුක්ති පෙරමුණ බෝගම්බර පැවැත්වූ රැළියේදීය. එහෙත් ඒ අවස්ථාවේ සිය පියා විසින් නිවසට පැමිණෙන ලෙසට කරන ලද ඉල්ලීම පවා ඇය ප්‍රතික්ෂේප කර තිබේ.

හැත්තෑ එකේ කැරැල්ලෙන් පසුව අම්බලන්ගොඩ පොලීසියෙන් අත් අඩංගුවට ගන්නා ලද කමණි අක්කා මැගසින් බන්ධනාගාරයේද ඉන් අනතුරුව මීරිගම පුනුරුත්ථාපනය කඳවුරේ සිර දඬුවම් විඳ නිදහස ලබන්නීය. නැවත පාසැල් යාමට ඇයට අවස්ථාව ලැබුනද ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරන කමණි අක්කා කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයෙන් කෘෂිකර්ම ඩිප්ලෝමාව හදාරා රජයේ කෘෂි උපදේශිකාවක බවට පත් වන්නීය.

වෘත්තියේ නිරත වුවද ඇයගේ සටන්කාමිත්වය නොසිඳී පැවතුන බව ඇය සමග රාජකාරියේ නිරත වූවන් දනී.

යකෙකුටවත් බය නැති ඇය නිතරම අසාධාරණයට එරෙහිව සිට ගත්තාය.

මෙරට මැතිවරණයක් පැවැති අවස්ථාවක ඇය මැතිවරණ රාජකාරියේ නිරතව සිටියේ මිනුවක්ගොඩ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකය. ප්‍රසන්න රණතුංඟ ගේ මැර කණ්ඩායමක් හොර ඡන්ද දැමීමට එම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි විට ඡන්ද මධ්‍යස්ථාන නිළධාරියා බියෙන් සැඟවන විට ඉදිරියට පැමිණි ඇය එම මැර කණ්ඩායමට අභියෝග කෙරුවාය.

එහි සිටි එක මැරයෙක් ඇයගේ ගෙලට දැලි පිහිය තබා තර්ජනය කරන විට ඇය පවසා ඇත්තේ ඔය දැලි පිහියට මා බය නැති බවය. ඇයගේ නොපසුබසින සටන්කාමිත්වය හමුවේ මැරයන් පසු බැස ගොස් තිබේ.

එවර ගම්පහ දිස්ත්‍රිකකයේ හොර ඡන්ද නොවැටුන එකම ඡන්ද මධ්‍යස්ථානය කමණි අක්කා රාජකාරි කළ ඡන්ද මධ්‍යස්ථානය බව පැවසේ. කෙසේ වෙතත් එම ඡන්දය  අවසානයේ එවකට මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සිය බාල සොහොයුරා වූ මහින්ද දේශප්‍රිය හට දුරකථන ඇමතුමක් ගත් ඇය පවසා ඇත්තේ මැතිවරණ රාජකාරියේ නිරත නිළධාරීන්ට ආරක්ෂාවක් නොදෙන මැතිවරණ දෙපාර්තමේන්තුව සමග මින් ඉදිරියට රාජකාරි නොකරන බවය. සැබැවින්ම ඇය එතැන් සිට විශ්‍රාම යන තුරුම මැතිවරණ රාජකාරි වලට සහභාගි වී නැත.

කමණි අක්කා අවසන් ගමන් ගොස් ඇත්තේ ඕස්ට්‍රෙිලියාවේදීය. හෙට දවසේදී ඇය ඒ භූමියේම නිදන් වන්නීය. සුන්දර තරුණියක ලෙස සිය ආත්මගතව බැඳී තිබුණ සුන්දර ජීවිතයක් පිළිබඳව වූ අපේක්ෂාවන් සියල්ල දේශපාලනික කාර්ය භාරයක් වෙනුවෙන් කැප කළ මේ ගැහැණිය ගැන ජනතා විමුක්ති පෙරමුණු ඉතිහාසයේ සටහන් විය යුතුමය.

සුබ ගමන් කමණි අක්කේ

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෘත්තීය ක්‍රියාමාර්ගය නිරත ලංගම බසර රථ රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නියෝගයක්…  සේවයට වර්තා නොකරන රියදුරන්ගේ වැඩ තහනම්… නියෝජ්‍ය ප්‍රවාහන ඇමති කියයි!

Next Post

රාජිත නිසැකවම හෙට අධිකරණයේ පෙනී සිටිනවා… රාජිතගේ නීතිඥයා අධිකරණයට දන්වයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.