ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානය තුළ විරෝධතාවයක් අරඹති..

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාර්ග ගත ඉගැන්වීමේ කටයුතු වලින් ගුරුවරුන් ඉවත් වීමත් සමගම දැනට මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ඇතුළු පිරිස නිරෝධායන මධ්‍යස්ථානය තුළ විරෝධතාවයක් ආරම්භ කොට තිබේ.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක් දියත් කළ ගුරු සංගම් නියෝජිතයින්ගෙන් පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට එරෙහිව දිවයින පුරා ගුරුවරු 12 දා සිය මාර්ගගත ඉගැන්වීමේ ක්‍රමවේදයෙන් බැහැර වෙන අතර නීති විරෝධී හා අසාධාරණ ලෙස නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා ජෝෂප් ස්ටාර්ලින් ඇතුලු පිරිස මුලතිව් කේපාපිලව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ උද්ඝෝෂණයක් ආරම්භ කොට තිබේ.
විරෝධතාවයේ නිරත පිරිසද ඉල්ලා සිටින්නේ රජය කොතලාවල විශ්ව විද්‍යාල පනත වහාම හකුලා ගත යුතු බවයි.

කෙසේ වෙතත් ගුරුවරුන් මාර්ගගත ඉගැන්වීම් කටයුතුවලින් බැහැර වීම නිසා පාසල් හා පිරිවෙන් වල සිසුන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

Exit mobile version