ජෛව බුබුලක් තුළ ක්‍රීඩා කළ පළමු එක්දින තරගය නැරඹීම සදහා ජෛව බුබුල සම්බන්ධ සියලු විද්‍යාත්මක අනුමිතීන් උල්ලංඝණය කරමින් ප්‍රභූවරු පිරිසක් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට ඇතුළු වී ඇති බව වාර්තා වේ.
මෙම පිරිස විශේෂ ආරාධිතයන් සඳහා වෙන් කර ඇති කුටි තුළ තරගය නැරඹූ බවත් ඔවුන්ගේ ඥාතීන්, ආරක්ෂකයන් ඇතුළුව තරගය නැරඹීමට ක්‍රීඩාංගනයට ඇතුළු වී සිටි පිරිස පන්සියය ඉක්මවා ගොස් සිටි බවත් පැවසේ.
මෙම පිරිසට විශේෂ සත්කාර සැපයීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් දරා තිබේ.
ජෛව බුබුලක් තුළ ක්‍රීඩා කරන ජාත්‍යාන්තර තරගයක දී එම නීති නොබිඳා පවත්වාගැනීමේ විනයක් රටකට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් එය ජාත්‍යාන්තර වශයෙන් රටට සිදුවන හානියක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙයි.