අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ජේලර් මැරුවෙත් මම’ යයි කී කතාවට පොඩි ලැසීට වෙනම පරීක්ෂණක්

by Lanka Sara Editor
ජූලි 22, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ විමර්ශණයට ගිය බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනකු හමුවේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලෙකම්වරයාටද තර්ජනාත්මකව අභියෝග කළ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ඝනයේ අපරාධකරුවකු වන පොඩිලැසී හෙවත් ජනිත් මධුසංඛ ද සිල්වා බන්ධනාගාර ජේලර්වරයකු ද තමන් ඝාතනය කළ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම ජේලර්වරයාගේ ඝාතනය පසුපස බන්ධනාගාරයේ ම ඉහල තලයක සිටින දූෂිත නිලධාරියකුගේ සම්බන්ධයත් ද පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් මේ පිළිබඳවද අවධානය යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්කුඩු ජාවාරමට මෙන්ම මිනිස් ඝාතනය සහ තවත් අපරාධ ගණනාවකට චෝදනා ලබා ඇති පොඩි ලැසී නැමැත්තා දැන් කලක පටන් බන්ධනාගාරගතව සිටින අතර ඔහු ත් කොස්ගොඩ තාරක සහ කැවුමා නම් අපරාධකරුවන් තිදෙනා පසුගියදා බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනකු වන චන්දන ඒකනායක, තුසිත උඩුවර, සහ ප්‍රේමතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විමර්ශණ කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී මෙම නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් සිදුකරමින් පවතින අතර මෙම විමර්ශණය ආරම්භ වන්නේ ඊට අමතරව ය.

මෙම විමර්ශණ පිළිබඳව අවධානය යොමු වීමට හේතු වී ඇත්තේ පොඩි ලැසී විසින් බන්ධනාගාර කොමසාරිස්වරුන් හමුවේ “ජේලර් මැරුවෙත් මම.“ යනුවෙන් කළ සඳහනයි. මෙම සිදුවීමට ලක් වූ ජේලර්වරයා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයතු කළ තිලිණ රුවන් ජයරත්න නම් ජේලර්වරයා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ජේලර්වරයා 2019 වසරේ අගෝස්තු මස 03 වැනිදා තම පුතුගේ ශීෂ්‍යත්ව විභාගයට පෙර දින පැවැති බොධි පූජාවක් සදහා සහභාගී වීමට නිවසට යමින් සිටියදී ඝාතනය වන්නේ අම්බලන්ගොඩ කුලිගොඩ හන්දියේදීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඝාතනයට පොඩි ලැසී සමඟ සමීප සබඳතාවක් පවත්වන බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකුද සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති අතර මේ පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

ඉදිරියේදී මෙම සිදුවීම් දෙකම සම්බන්දයෙන් චෝදනා ලත් බන්ධනාගාරගත අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බව පොලිස් ආචරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්නාරම් ධීවරයින් තිදෙනෙකුට මුහුද මැදදී ගුටි මුරයක්

Next Post

අනාථ වූ ETI සහ ස්වර්ණමහල් තැන්පතුකරුවන්ටත් උපරිමය ලක්ෂ හයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.