පසුගිය වසර තුනක කාලය තුළදී, ජම්මු හා කාශ්මීරයේ නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා ඉන්දියාව තුළ සේම ලෝකය පුරාවටත් විශාල ඉල්ලුමක් ඇති වී බවත් මේ වන විට ‘ජේ ඇන්ඩ් කේ’ යනු ප්‍රසිද්ධ සන්නාමයක් බවත් වාර්තාවක් සඳහන් කරයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ නායකත්වයෙන් යුත් යූනියන් රජය විසින් 2019දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 375 වගන්තිය යටතේ ජම්මු හා කාශ්මීරයේ විශේෂ තත්ත්වය අහෝසි කිරීමෙන් පසු ජේඇන්ඩ්කේ’ සන්නාමය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු අරඹන ලදී.
කලාපයෙන් වාර්ෂික කෘෂිකාර්මික අපනයන ඉහළ නැංවීමේ අරමුණින් අපනයන ප්‍රවර්ධන ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජම්මු සහ කාශ්මීර පරිපාලනය මෑතකදී විශේෂඥ කමිටුවක් පිහිටුවා ඇති අතර ඔවුන් විසින් කෘෂිකාර්මික භාණ්ඩ හඳුනාගෙන මේ වන විට කෝටි 190ක් වන කෘෂිකාර්මික අපනයන ආදායමඉදිරි වසර පහ තුළරුපියල් කෝටි 3,000 දක්වා වැඩි කිරීමට නියමිතය.
2019 පසු ජම්මු හා කාශ්මීරයේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ 9ක් සඳහා GI ටැග්පත නිකුත් කර ඇති අතර එම ටැග්පත යටතේ කුංකුම හා බාස්මතී සහල් ලොව පුරා විශේෂ පිළිගැනීමකට ලක්ව තිබේ. ඊට අමතරව කාශ්මීරයේ දේශීය සහල් වර්ග, මී පැණි හා කුළුබඩු කිහිපයක් සඳහා ද එම GI සන්නාමය භාවිතා කරයි.







